saravita-anim2

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

Latest News - timelapse 364 hours ago

LATEST

විදේශිකයෙක් පැදවූ ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

calendar_today 2025 ජන 26 - 17:15 remove_red_eye - 550  

කොළඹ සිට නුවරඑලිය දක්වා විදේශිකයන් දෙදෙනෙකු ගමන් ගත් ත්‍රිරෝද රථයක් අනතුරට පත්විමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් ස්ලොවැකියා ජාතිකයන් දෙදෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව වටවල පොලිසිය පැවසිය.

වැඩි මිලට විකිණීම සඳහා ප්‍රවාහනය කරමින් තිබු දේශීය රතු කැකුලු හාල් තොගයක් සමග ලොරි රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම ප්‍රදේශයේදී සිය භාරයට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරීයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

Read More

2024 අදාළව අයි.සී.සී. වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්ට හිමිව තිබේ.

Read More

ජනප්‍රිය වන වැඩ කරමින් ජනතාවගේ ප්‍රශ්න නැවැත්වීමට කටයුතු කළ නොහැකි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

Read More

සහතික මිලට වඩා අඩුවෙන් මිස වැඩි මිලට සහන් වෙළඳපොලේ විකිණීමට ඉඩ නොතබන බවත්, ඒ සඳහා තමාට සති දෙකක කාලයක් ලබා දෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 159 ක් ගත් දරැවා මාස එකහමාරකට පෙර අවාසනාවන්ත ලෙස මියගියා. තෝරවෙලකන්ද පාසලේ මෙවර ශිෂ්‍යත්ව සමත් එකම දරැවා.මව හැඩු කදුලින් කියයි.

Read More

අත්ලේ සඟවාගෙන රැගෙන යා හැකි අඟල් 4 - 1/2 ක් පමණ දිගැති ඉතාලියේ නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක් කහතුඩුව මාගම්මන ඉදිකරමින් පවතින නිවසක කුෂන් මෙට්ටයක් තුල සඟවා තිබියදී සොයා ගත් බව මොරගහහේන පොලිසිය කියයි.

Read More

ගාල්ල, ඉමදුව, අඟුලුගහ ප්‍රදේශයේදී අද(26දා) පෙරවරුවේ බස් රථ තුනක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

Read More

අපේ වත්තේ පොල් තියෙනවා. පොලුත් තිබුණා, රිලවුත් හිටියා, රනිලුත් හිටියා, පොල් ගෙඩිය රුපියල් 100ට තිබුණා. දැන් මේ මොහොතේ රනිල් නම් පාලකයා පොල් රුපියල් 100යි. එදා රුපියල් 100ට තියෙනකොට රනිල් මහත්තයා කිවුවා පඩිය රුපියල් 25000කින් වැඩිකරනවා කියලා, දැන් පොල් 240යි. හරිනම් මේ එන අයවැයෙන් පඩිය රුපියල් 50000ක් වැඩි කරන්න ඕන.

Read More

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ලබන 07දා ආරම්භ කිරීමට නියමිතය.

Read More

වනිදු හසරංග ජාත්‍යන්තර විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරිම්හි 3 වැනි ස්ථානයේත් තුන් ඉරියව් ක්‍රිඩක ශ්‍රේණිගත කිරිම්හි හයවැනි ස්ථානයේත් රැදී සිටියි.

Read More

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ලබන 27 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

මෙරට සෞඛ්‍ය සේවාවේ වසංගත රෝග පාලනය සහ වැළැක්වීම සදහා පුමඛ කාර්යභාරයක් සිදු කරන පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ස්ථාපිතව ඇති වසංගත රෝග විද්‍යා අංශයේ සේවා කටයුතු ශක්තිමත් කරමින් ගෝලීය වසංගත තත්ත්වයන්ට සාර්ථකව මුහුණදීමට මෙන් ම වසංගත රෝග පාලනය සහ වැළැක්වීම මෙන්ම එන්නත්කරණ වැඩපිළිවෙළ විධිමත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇත.

Read More

යෝෂිත රාජපක්ෂ මහතා රුපියල් මිලියන 34ක මුදලක් වැය කර රත්මලාන ප්‍ර දේශයේ නිවසක් හා ඉඩමක් මිලදි ගැනිමේ සිදුවිමකට අදාළව කරන ලද විමර්ශනවලවට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

Read More

හිටපු ජනාධිති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේනතුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඌව හා දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

රාත්‍රි සාද පැවැත්විමේදි රාත්‍රි 10 තෙක් පමණක් ශබ්දවාහිනි යන්ත්‍ර භාවිතයට දි තිබෙන කාලසිමාවේ සංශෝධනයක් කිරිමට බලාපොරොත්තු වන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසිය.

Read More

රටක් විදිහට අපි හොඳ ශක්තිමත් ආර්ථිකක් සහිත රටක් වුනා සහනාධාර ලබන තත්ත්වයට පත්වෙන්නේ නැති බවත්, කවුරුත් කැමතිම තමන් ඉපදිච්ච මවු රටේ ස්වශක්තියෙන් නැගී සිටින්න බවත්, නමුත් අවාසනාවකට රටේ තිබුනු වැරදි ප්‍රතිපත්ති නිසා අද බොහෝ අය සහනාධාර ලැබෙන තත්ත්වය බවට පත් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා ස

Read More

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අභිනව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා අද (24) පත්විය. දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) අභිනවයෙන් රැස්වූ අවස්ථාවේදී ඒ මහතා මෙසේ පත්කිරීම සිදු කෙරිණි.

Read More

පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානයක්, කළුතර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානයත් ලබා ගැනීමට හොරණ රාජකීය ජාතික පාසලේ රණතුංග ලියනගේ බිසන්ධි යෙවින්යා ශිෂ්‍යාව ලකුණු 188 ක් ලබමින් සමත් වී ඇත.

Read More

ඌව සහ දකුණු පලාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් විටින් විට හෝ ගිගුරුම් සහිත වැසි අතිවන බව කාළගුණ විද්‍යා මධ්‍යස්ථානය දන්වා සිටියි.

Read More

අධික ලෙස මත්පැන් පානය කර පානදුර උතුර පොලිස් වසමේ කෙසෙල්වත්ත ගරාජයක කාමරයක ඇඳක් මත පොලිස් නිල ඇඳුමින් පිරිසක් සමග නිදාගෙන සිටියදී ස්ථාන මාරු කරන ලද පොලිස් සැරයන්වරුන් දෙදෙනාගෙන් අයකුගේ රාජකාරී වැඩ ඊයේ 23 දින සිට තහනමට ලක් කළ බව පානදුර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Read More

මෙම සංශෝධනයත් සමග මන්ත්‍රීවරයෙකුගේ උදෑසන ආහාරය සඳහා රුපියල් 600ක්, දිවා ආහාරය සඳහා රුපියල් 1,300ක් සහ සවස තේ සඳහා රුපියල් 100ක් දක්වා ඉහළ දමා තිබේ. මිල සංශෝධනය පෙර උදෑසන ආහාරය සඳහා රුපියල් 100ක්, දිවා ආහාරය සඳහා රුපියල් 300ක් සහ සවස තේ සඳහා රුපියල් 50ක් වැය විය.

Read More

2024 වසරට අදාළව පවත්වනු ලැබූ ශිෂ්‍යත්ව විභාගයේ දරුවෙක් ලබාගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව ලකුණු 188ක් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියයි. මිට අමතරව ලකුණු 187 හා 186 යන ප්‍රමාණයන් ලබාගත් දරුවන්ද සිටින බව ඔහු ප්‍රකාශ කළේය. සිසු සිසුවියන් 17 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන ඇති බවද ඔහු පැවැසිය.

Read More

ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය (Fitch Ratings) විසින් ශ්‍රී ලංකාවේ ජාතික ශ්‍රේණිගත කිරීමේ පරිමාණය මෑතකදී නැවත ක්‍රමාංකනය කිරීමෙන් අනතුරුව, මෙරට බැංකු 10ක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

Read More

වී අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙමින් තිබුණත් වී සඳහා සහතික මිලක් නියම කර නොමැති බවත්, මේ නිසා වී කිලෝවක් රුපියල් 110ත් 120ත් අතර මිලක් දක්වා පහත වැටී තිබෙන බවත් ගොවි අරගල ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

පිදුරුතලාගල පිහිටි රජයේ බීජ අර්තාපල් ගොවිපළේ පසුගිය මහකන්න 03ක් තුළදී රුපියල් දෙකෝටි හැට හය ලක්ෂ පනස් නවදහස් හත්සිය අසූ පහක(26,659,785) මුදලක් වැය කර බීජ අර්තාපල් කිලෝ ග්‍රෑම් 247,500 ක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබුණද නිෂ්පාදනය කර ඇත්තේ බීජ අර්තාපල් කිලෝග්‍රෑම් 97,638 ක් පමණක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් පෙරේදා (22 දා) නිකුත් කරන ලද විගණන වාර්තාවකින් අනාවරණය වෙයි.

Read More

ඇමති- නි.ඇමතිට නිල වාහන 2යි ඉන්ධන ලීටර් 900යි ඇමති කාර්ය මණ්ඩලට15ක් නි.ඇමතිට 12ක්, පවුලේ සාමාජිකයන් හෝ සමීප ඥාතීන් බෑ අමාත්‍යාංශ සඳහා විෂය ක්ෂේත්‍ර අනුව එක් විෂය ක්ෂේත්‍රයකට උපදේශකයන් දෙදෙනකු බැගින් බඳවා ගැනීමටඅවස්ථාව

Read More

ආණ්ඩු හා නිලධාරීන් වෙනස් වුවත් රටේ නීතිය වෙනස් නොවන බව පෙන්වා දුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා සැකකරුවන් අල්ලන්නේ නැතුව වසර 10 ක කාලයක් ගතවනතුරු කළේ කුමක්දැයි රහස් පොලිසියෙන් අද (23) ප්‍රශ්න කළේය.

Read More

මේ පිළිබඳව පොලිස්පතිවරයාගේ දැඩි අවධානය යොමුව ඇති බවත් මෙම සිදුවීමට අදාළ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා තම දැඩි අප්‍රසාදය පළකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.