saravita-anim2

2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා

2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා

Latest News - timelapse 316 hours ago

LATEST

රු. මි. 185,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 18 දා

calendar_today 2024 දෙසැ 15 - 09:02 remove_red_eye - 46  

රුපියල් මිලියන එක්ලක්ෂ අසූපන් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් දෙසැම්බර් 18 දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

රට තුළ සීඝ්‍රයෙන් වර්ධනය වන රිළා ගහනය පාලනය කිරීමේ අරමුණින් මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන ලද වන්ද්‍යාකරණ කිරීමේ නියමු ව්‍යාපෘතිය පසුගිය (12) වන දින ආරම්භ වූ අතර එය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බව මාතලේ දිසාපති තේජානී තිලකරත්න මහත්මිය පවසයි.

Read More

පවතින අධික වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් දිස්ත්‍රික්ක හතරකට අද (14) පස්වරු 4 සිට හෙට (15) පස්වරු 4 දක්වා නාය යාමේ පූර්ව අනතුරු ඇගවීමී නිකුත්ඩ කර තිබේ.

Read More

විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලබන තරුණ තරුණියන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදෙමින් ඔවුන් ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වගකීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය භාරගන්නා බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති ජාතික යොවුන් සේනාංකයේ දඹුල්ල හෝටල් පුහුණු පාසලේ දෙවන කණ්ඩායම සඳහා සහතිකපත්‍ර ප්‍රදානය හා එක්වූ අවස්ථාවේදීය.

Read More

පෝෂණ ව්‍යාපෘති, පාසල් දරුවන් සඳහා දිවා ආහාර ලබා දීමේ වැඩසටහන්,කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය, ඩිජිටල්කරණය සහ පශු සම්පත් සංවර්ධන වැඩසටහන් සඳහා මූල්‍ය සහ තාක්ෂණික පහසුකම් ලබා දීමට එකඟ වෙයි

Read More

මාතලේ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පෞද්ගලික සහායක වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් මොළගොඩ මහතා අභිරහස් ලෙස මියගොස් සිටියදී වත්තේගම නගරයේදී සොයා ගත් බව පොලිසිය කියයි.

Read More

ලංකාවට ඉමහත් සෞඛ්‍ය ගැටලුවක් වී ඇති හේතුව හදුනා නොගත් කාලීන වකුගඩු රෝගය මැඩපැවැත්වීම සදහා වර්තමාන රජය දැඩිලෙස කැපවී කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

කථානායක අසෝක රන්වල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වෙත ලිඛිතව දැනුම්දී ඇත.

Read More

2024-2025 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය (14) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කල බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසිය.

Read More

වැඩි දුරක් හා වැඩි බරක් ධාවනය කළ හැකි දුම්රිය එන්ජින් 10ක පමණ හිඟයක් ශ්‍රි ලංකා දුම්රිය සේවයට පවතින බවත් ඒ අනුව ඉන්දියාවෙන් ශ්‍රි ලංකාවට ලැබෙන දුම්රිය එන්ජින් පරිත්‍යාගය ශ්‍රි ලංකාවට ඉතා වටිනා බවත් දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති පොලිස් නිලධාරින් වෙනුවෙන් පමණක් වාර්ෂිකව රුපියල් මිලියන 1100ක් පමණ වැය වන බවත් එයින් තුනෙන් එකක් පමණ එනම් රුපියල් මිලියන 326ක්ම වැය වන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

තමාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සමාජය තුළ මතුවූ ගැටලු කාරි තත්ත්වය මත තමන් කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තිරණය කළ බව මන්ත්‍රි අශෝක රංවල මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය අද වාර්තා කළේය. ඒ අනුව අද දිනයේදි සමස්ත මිල දර්ශකය ඒකක 169.5කින් (සියයට 1.21කින්) ඉහළ ගොස් ඒකක 14 205ක් දක්වා ඉහළ ගියේය.

Read More

2024 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇති අතර, අද දින (2024.12.13) වන විට එම ප්‍රමාණය 300,162 ක් වේ.

Read More

’’කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියා මාර්ග ගන්නවා’’ - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි... ’’ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය කුමන ආකාරයකින් හෝ පලුදු වීමට අප ඉඩ තබන්නේ නැහැ’’

Read More

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන කලාභුෂණ රාජ්‍ය සම්මාන ප්‍රධාන උළෙල පසුගියදා (12) වැනි දින පෙ.ව.10.00ට අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විනි.

Read More

ශ්‍රීපාද වන්දනා සමය තුළ මෙයට පෙර ගැසට් නිවේදන හයකින් පනවා තිබු රෙගුලාසි අනුව ශ්‍රී පාද මළුව , ගමන් මග ඇතුළු පරිශ්‍රයෙහි තාවකාලික නවාතැන් සැකසීම සහ පවත්වාගෙන යෑම , ගොඩනැගිලි ඉදිකිරීම , හිඟමන් ඉල්ලීම හා දීම, පොලිතින් බැහැර කිරීම, සංචාරක වෙළඳම, මත්පැන් දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය වෙළඳාම,තබාගැනීම හා භාවිතය තහනම් බව ඇතුළු රෙගුලාසි මෙවරද බල පැවැත්වෙන බව මෙම ගැසට් නිවේදනයෙන් මහජනතාවට දැනුම් දී තිබේ.

Read More

යාපනය දිස්ත්‍රීක්කයේ පැතිරෙමින් යන උණ වෛරසය පිළිබඳව සොයා බැලීස සඳහා කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ නිලධාරීන් පිරිසක් විසින් යාපනය සහ පේදුරුතුඩුව ප්‍රදේශයන් වෙතට ගොස් නිරීක්ෂණයක නිරත වෙමින් සෞඛ්‍ය බලධාරීන් හමු වී විශේෂ සාකච්ඡාවක නිරත වීය.

Read More

දිවයින පුරා ජාතික පාසල් 46 ක 2025 මාර්තු 31 දිනට පවතින විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම සඳහා සුදුසු නිලධාරීන් තෝරා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය අයදුම් පත් කැඳවයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන SLINEX - 2024, ද්විපාර්ශ්වික ඉන්දු - ලංකා නාවික අභ්‍යාසය 2024 දෙසැම්බර් මස 17 වැනි දින සිට 20 වැනි දින දක්වා ඉන්දියාවේ විසාකපට්නම් හිදී පැවැතිවීමට නියමිතව ඇති අතර, එම නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව 2024 දෙසැම්බර් මස 12 වන දින, හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් දිවයිනෙන් පිටත් විය.

Read More

ජාතික ජන බලවේග රජයේ කථානායක ඇතුළු සියලු මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන්ගේ මහාචාර්ය තනතුරු, ආචාර්ය උපාධි, ඉංජිනේරු,වෛද්‍ය ආදී තනතුරු නාම ඇතුළු සියලු අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තීරණයකට එළඹ ඇත.

Read More

රටේ මූල්‍ය පද්ධතියේ ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනපතිගෙන් උපදෙස්

Read More

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිස්සංක බන්ධුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරයෙකු වශයෙන් පත්කිරීම ප්‍රතික්ෂේප කරමින් ව්‍යවස්ථාදායක සභාව දුන් නිර්දේශය අභියෝගයට ලක් කරමින් නීතිඥවරයෙකු ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කල ශ්‍රේෂ්ඨාධිකරණය නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 20 මුදලක් රජයට සහ ව්‍යවස්ථාදායක සභාවට ගෙවීමට පෙත්සම්කාර නීතිඥවරයාට ඊයේ දොළහ නියෝග කළේය.

Read More

2024-2025 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ වන උදුවප් පොහො දින (14) ශ්‍රි පාද උඩ මළුව මල් වලින් සැරසිම සදහා විවිධ මල්පෙති ලක්ෂ තිහක් මෙවර උපයෝගි කරගන්නා බව නුගේගොඩ කස්ටම් ගෘප් ඔෆ් කොම්පැනි ආයතනයේ හිමිකරුවන් වන නිශාන්ත ද සිල්වා සහ නිලන්ත ද සිල්වා යන සහෝදරයින් දෙදෙනා පවසයි.

Read More

තන්තිරිමලේ, කුඩා මල්මඩුව ප්‍රදේශයේ පොල් ඉඩමකට ඇතුළු වී ඇති වන අලි රංචුවක්, එම ඉඩමේ තිබූ පොල් ගස් හාරසීයක් පමණ සම්පූර්ණයෙන් විනාශ කර දමා ඇති බව වාර්තාවේ.

Read More

ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන නව සහල් මිලට සාපේක්ෂව වී කිලෝවක් සඳහාද කඩිනමින් නව මිලක් ප්‍රකාශයට පත් කළ යුතු බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.

Read More

දකුණු පළාතේ ඇතැම් අස්වැසුම ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ ආධාර මුදල් ලැබෙන බැංකු ගීණුම් හිමි ශාඛාවේම රුපියල් මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතු ගිණුම් තිබෙන බව දකුණු පළාත් ඉඩම් කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා ඊයේ (11) මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී පැවසීය.

Read More

LANKA T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ වන විට පැවැත්වෙන පළමු තරගය ,එනම් තරගාවලියේ සිව්වන වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

Read More

මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් වලින් ජාතීන් අතර සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා අත්අඩංගුවට ගැනීමෙන් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට රුපියල් 75,000/-ක වන්දියක් ගෙවීමට රජයට නියම කළේය.

Read More

සමගි ජන බලවේගයේ නම් කිරීමට නියමිතව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සිව් දෙනෙකු නම් කරමින් මැතිවරණ කොමිෂන් සභාවය ලිපියක් ​යොමු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.