පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.
නීති විරෝධී බවට සැක තවත් කෝටි ගණනක් වටිනා නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreරුපියල් මිලියන එක්ලක්ෂ හතළිස් පන් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් නොවැම්බර් 20 දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
Read Moreමීළඟ සියලු මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂය හවුලකින් තොරව අලියා ලකුණ යටතේ තරඟ කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. මේ පළිබඳව පක්ෂයේ වත්මන් නායක නායක රනිල් වික්‍රමසිං මහතා ඇතුළු පක්ෂයේ අනෙකුත් අය සාකච්ඡා කරමින් තිබෙන බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
Read Moreඅගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි වැදී ගරාජය තුල සිටි 18 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි .
Read Moreතමන් ක්‍රියාකාරී දේශපාලනයෙන් මෙන්ම මාතර වැලිගම සංවිධායක ධුරයෙන්ද ඉල්ලා අස්වන බව වැලිගම නගර සභාවේ හිටපු නගරාධිපති මෙන්ම සමගි ජන බලවේගයේ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම පවසයි.
Read Moreමාමඩුව පොලිස් වසමේ කල්ලිකුලම් ප්‍ර දේශයේ වා ළිඳකට වැටී ළමයෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.
Read Moreබස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව හා වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ඒ ඒ දිස්ත්‍රික් මැතිවරණ කොට්ඨාශවලින් තේරී පත්වූ තැනැත්තන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
Read Moreඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ යුධ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (2024 නොවැම්බර් 16 දින) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළින් වැටී තිබූ බෑගයක තිබුණු රුපියල් හාර ලක්ෂ තිස් පන්දාහක් පමණ මුදල හිමිකරු සොයා බාරදීමට ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරුවෙකු 16 දින පෙරවරුවේ පියවර ගනු ලැබීය.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරිමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ආ) අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත්, ජනාධිපතිවරයාට බලතල හිමිවී තිබෙනවා.
Read Moreහිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසිය.
Read Moreවැලිගම - දෙනිපිටිය අතුරු මාර්ගයේ අනතුරු ඇගවිමේ සංඥා ක්‍රියාත්මක වෙමින් තිබියදි කුඩා ලොරි රථයක් දුම්රිය අතුරු මාර්ගයකින් ධාවනය කිරිමට කටයුතු කිරිමේදි මාතර දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ දුම්රියේ ගැටි අනතුරක් සිදුව තිබේ.
Read Moreමෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසය තුළ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගත් මන්ත්‍රිවරයා ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා වාර්තා අතරට එක්විය.
Read Moreජාතික ජන බලවේගය අරුන් හේමචන්ද්‍ර = 38368 රොෂාන් ප්‍රිය සංජන = 25814 සමගි ජන බලවේගය ඉම්රාන් මහරුප් = 22779 ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය කදිරවේලු ෂන්මුගන් කුහදාසන් = 18470
Read More2024 මහ මැතිවරණයෙන් මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු වරම් ලැබූ අපේක්ෂකයින්ගේ මනාප ලැයිස්තුව.
Read More2024 මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය හා මන්ත්‍රි ආසන (ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරද සමගින්) බෙදී ගිය ආකාරය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල වශයෙන් නිවේදනය කළේය.
Read Moreමාතර දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුව . ජාතික ජන බලවේගය (මන්ත්‍රීධුර 6) සුනිල් හඳුන්නෙත්ති = 249251 සරෝජා පොල් රාජ් = 148379 එල්.එම්.අබේවික්‍රම = 68144 අක්‍රම් ඉල්යාස් = 53835 අජන්ත ගම්මැද්ද = 48820 ලාල් ප්‍රේමනාත් = 48797 සමගි ජන බලවේගය (මන්ත්‍රීධුර 01) චතුර ගලප්පත්ති = 3219
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය නිකුත් කර තිබේ.
Read Moreනව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් බදුල්ල දිස්ත්‍රික්කයට තරග කළ හිටපු අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු මහතාට හා නිමල් සිරිපා ද සිල්වා මහතාට මෙවර පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිම වී තිබේ.
Read Moreහම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රථිඵල නිකුත් කර තිබේ. ජාතික ජන බලවේගය (මන්ත්‍රීධුර 05) නිහාල් ගලප්පත්ති 125 983 අතුළ වෙළඳගොඩ 73 193 සඳරුවන් මරදසිංහ 65 969 අරවින්ද සෙනරත් 48 807 රුවන් සෙනරත් 42 249 සමගි ජන බලවේගය (මන්ත්‍රීධුර 01) දිලිප් වෙදආරච්චි 23 514 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (මන්ත්‍රීධුර 01) ඩී.වී. චානක 16 546
Read Moreබදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රථීඵල නිකුත් කර තිබේ. ජාතික ජන බලවේගය (මන්ත්‍රීධුර 6) සමන්ත විද්‍යාරත්න 208 247 කිට්නන් සෙල්වරාජ් 60 041 අම්බිකා සැමුවෙල් 58 201 රවීන්ද්‍ර බණ්ඩාර 50 822 සුදත් බලගල්ල 47 980 දිනිඳු හෙන්නායක 45 902 නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (ආසන 01) චාමර සම්පත් දසනායක 19 359
Read Moreජාතික ජන බලවේගය (මන්ත්‍රී ආසන 4) 1 ටී.බී. සරත් - 105,137 2 ජගත් වික්‍රමරත්න - 51,391 3 සුනිල් රත්නසිරි - 51,077 4 පත්මසිරි බණ්ඩාර - 45, 096 සමගි ජන බලවේගය (මන්ත්‍රී ආසන 1) 1 කිංස් නෙල්සන් - 28,682
Read Moreමෙවර මහ මැතිවරණයේදී පසුගිය වර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට මෙන්ම වසර කිහිපයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් රාශියකට පාර්ලිමේන්තු වරම් අහිමි වී තිබේ.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ බලය මැතිවරණ ගණනාවක් පුරා උතුරේ පක්ෂ විසින් ලබාගෙන තිබූ පසුබිමක එම සියලු පක්ෂ පරාජය කරමින් මෙවර යාපනය දිස්ත්‍රික්කයේ බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය සමත්විය.
Read Moreනව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝනය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයට තරග කළ හිටපු රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාටද මෙවර පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිමි වී තිබේ. ඒ එම පක්ෂයට කෑගල්ලෙන් එකඳු ආසනයක් හෝ දිනා ගැනීමට නොහැකි වීමත් සමගිනි. මන්ත්‍රීආසන 10න් 8ක් ජාතික ජන බලවේගය දිනා ගත් අතර සමගි ජන බලවේගයට හිමිවූයේ ආසන දෙකකි.
Read Moreනව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයට තරග කළ හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටද මෙවර පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිමි වී තිබේ. ඒ එම පක්ෂයට රත්නපුරයෙන් එකඳු ආසනයක් හෝ දිනා ගැනීමට නොහැකි වීමත් සමගිනි. රත්නපුර මන්ත්‍රීආසන 11න් 8ක් ජාතික ජන බලවේගය දිනා ගත් අතර සමගි ජන බලවේගයට හිමිවූයේ ආසන තුනකි.
Read Moreකුරණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු අමාත්‍යවරයෙක් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට මෙවර පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහමිව තිබේ. ඒ ඔහු තරග කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කුරුණෑගලින් එක් මන්ත්‍රීධුරයක් හෝ හිමි නොවීම හේතුවෙන්. කුරුණෑගල මන්ත්‍රී ධුර 15න් 12ක් ජාතික ජන බලවේගය දිනා ගත් අතර සමගි ජන බලවේගයට මන්ත්‍රීධුර තුනක් හිමිවිය.
Read Moreකළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රථිඵලය මේ වන විට නිකුත් කර තිබේ. ඒ අනුව ජාතික ජන බලවේගය එම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර ඇති අතර ඔවුන් ආසන 8ක් දිනාගෙන තිබේ. සමගි ජන බලවේගයට ආසන දෙකක් හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසනයක් හිමිව තිබේ.
Read More