මහරගම අපේක්ෂා රෝහලේ පරිත්‍යාග ගිණුමට ලැබුණු රුපියල් කෝටි 40 ක අරමුදල් වසර 2 ක කාලයක් තුළ කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භාවිත කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.
ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ සභාපතිනිය ලෙස මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පත්ව තිබේ. වසර දෙකක ධුර කාලයක් සඳහා මෙම පත්කිරීම සිදුකර ඇති අතර ඇයගේ ධුර කාලය 2027දී ඇරඹීමට නියමිතය..
Read Moreපුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ප්‍රාඩෝ රථයක චැසි සහ එන්ජින් අංක භාවිතා කරමින් ලියාපදිංචි කර භාවිතා කළ බව කියන නීති විරෝධීව එකලස් කරන ලද ප්‍රාඩෝ රථයක කොටස් ස්ථාන කීපයක සඟවා තිබියදී අද (6) අලුයම සිය භාරයට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය කියයි
Read Moreයපනය ගුරුනගර් ඉරුපලෙයි ප්‍රදේශයේදී නීතිවිරෝධීව වැලි ප්‍රවහනය කරමින් තිබූ ට්‍රැක්කටරයකට පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් එහි රියදුරු ඊයේ (05) සවස අත්අඩංගුවට ගත් බවට යපනය පොලීසිය පැවසීය.
Read Moreයාපනය, කිලිනොච්චිය සහ මන්නාරම් දිස්ත්‍රීක්යන්හි සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 192 ක් සහ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ත් බවට පොලීසිය පැවසීය.
Read Moreඊශ්‍රායල නිවාස පාදක සාත්තු සේවා රැකියා සදහා සුදුසුකම් ලැබූ එකලොස් දෙනෙකු සදහා අද (06) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී ගමන් බලපත්‍ර ලබා දීම සිදු වුණි.
Read Moreමධ්‍යම තැපැල් හුවමාරුවේ ජාත්‍යන්තර අධිවේගී අංශයට ලැබුණු සී.සී.ටී.වි. කැමරා කට්ටල 30ක් නියමිත බදු මුදල් අය නොකර නිදහස් කිරීමට අල්ලස් ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල කාර්ය සහායකයකුට වසර 28ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා රුපියල් 31,000/-ක දඩයක්ද අද (06) නියම කළේය.
Read Moreරජය මගින් නාඩු වී සඳහා රුපියල් 120ක සහතික මිලක් නියම කිරීමට පෙර ඉකුත් 5දා දක්වා, පෞද්ගලික වෙළඳුන් නාඩු කිලෝවක් රුපියල් 130ක මිලකට, මිලදී ගත් බවත් රජය මගින් නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක සහතික මිලක් නියම කිරීම හේතුවෙන් ගොවියා කබලෙන් ලිපට ඇද වැටුණු බව පවසමින්, මහවිලච්චිය ප්‍රදේශයේ සිට අනුරාධපුරයට පැමිණි ගොවියකු අනුරාධපුර පිහිටි ඩී.එස්.සේනානායක පිළිරුව ඉදිරිපිටට පැමිණ, අද (6දා) සත්‍යග්‍රහයක නිරත විය.
Read More2022 අවුරුද්දේ සිදු වූ අරගලයේදී දේපල හානී වූ බව පවසා දේශපාලඥයන් 43 දෙනෙකු රුපියල් කෝටි 122.41 ක වන්දි මුදලක් වන්දි ලෙස ලබාගෙන ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreනිරන්තරයෙන් ත්‍රස්තවාදී තර්ජනයන්ට ගොදුරු වී සිටින තමන්ගෙන් ඉවත් කළ ආරක්ෂක සංචිතය නැවත දීමට රජයට නියෝග කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 19 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
Read Moreහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වාහන ආනයනය කිරීමට යෙදවූ වැඩ පිළිවෙල තමන් කළාක් මෙන් වත්මන් ආණ්ඩුව හැසිරීමක් පෙනෙන්න තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා පැවසීය.
Read Moreසිය ක්‍රිකට් දිවියේ අවසන් තරගය සහ 100 වැනි තරගය ක්‍රීඩා කරන දිමුත් කරුණාරත්නගේ පළමු ඉනිම ලකුණු 36ට සීමා විය.
Read Moreබිබිල මහඔය මර්ගයේ 66 කණුව දඹදෙනිය ප්‍රදේශයේ හෙද පුහුණුව අවසන් කර රැකියාව බලාපොරොත්තුවෙන් සිටි තරුණියක නිවස පිටුපසු තිබු ළිදකට පැන 05 දින සවස මියගොස් ඇති බව පොලිසිය කියයි.
Read Moreදියතලාව නගරයේ දී 14 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක පැහැරගෙන බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රියේ න් යමින් සිටියදී පට්ටිපොළ දුම්රිය ස්ථානයේදී පාසල් දැරිය සමඟ සැකකාර තරුණ අරක්කැමියකු ඊයේ (5) අත්අඩංගුවට ගත් බව දියතලාව පොලිසිය පවසයි .
Read Moreඉතිහාසයේ මෙතෙක් අප නොදුටු දුර්ලභම පොල් වල්ල බැට්ටි අවස්ථාව දක්වා වර්ධනය වී තිබියදී ආරච්චිකට්ටුව නැගෙනහිර වැලිවැව ප්‍ර දේශයේ විමලසිරි මහතාගේ නිවසේදී 03දා ලංකාදීප කැමරාවට හසුකර ගැනීමට හැකි විය.
Read Moreබදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ කන්දකැටිය 21 හංදිය ප්‍රදේශයේ දී පෞද්ගලික බස්රථ දෙකක රියදුරු , කොන්දොස්තරවර සේවකයන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී කිතුල් පොල්ලකින් සහ අතින් පයින් පහරදීමෙන් තුවාල ලැබු පෞද්ගලික බස්රථ රියදුරන් දෙදෙනකු සමඟ බස්රථ කොන්දොස්තරවරයකු ඊයේ (5) මීගහකිවුල සහ බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කන්දකැටිය පොලිසිය පවසයි .
Read Moreත්‍රිකුණාමලය ලන්දේසි බල කොටුව සම්පූර්ණ දිනක් ගත කරමින් ආකර්ෂණීය තැන් නැරඹීමේ අවස්ථාව සංචාරකයන්ට ලබා දීමේ අරමුණින් කොටු පවුර ඇතුළු ගොඩනැගිලි සංරක්ෂණය කිරීමට රජය තීරණය කර තිබේ .
Read Moreජනපති අනුර කුමාර දිසානායක මහතාගේ එක්සත් අරාබි එමිර් රාජ්‍ය සංචාරය ලබන 10 දා ආරම්භ කිරිමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ජනවාරි 10 දා සිට 13 දා දක්වා ක්‍රියාත්මක මෙම සංචාරයේදී ජනපතිවරයා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වන ලෝක රාජ්‍ය සමුළුව 2025 සඳහා එක්විමටද නියමිතය. එසේම මෙහිදි ජනපතිවරයා විවිධ රාජ්‍ය නායකයන් මෙන්ම ලෝකයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික නියෝජිතයන් හා සාකච්ඡා පැවැත්විමටද නියමිතය.
Read Moreපොල්ගෙඩි මිලියන දෙසීයකට සමාන ධාරිතාවෙන් යුත් පොල් මද ආශ්රිත නිෂ්පාදන ප්‍රමාණයක් හා පොල් තෙල් නිෂ්පාදනය සඳහා වියළන ලද කුරුට්ට සහිත පොල් ආනයනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreවිදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩල සපයා දීමට රජය තීරණය කර තිබේ. මේ අනුව පී කාණ්ඩයේ චිපය රහිත හිස් විදේශ ගමන් බලපත්‍ර 1.100.000ක් වත්මන් සැපයුම්කරුගෙන් සපයා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මේ වන විට ආරම්භ කර ඇත.
Read Moreපෞද්ගලික පරිහරණය වෙනුවෙන් වාහන ආනයනය කිරීමට රජය අවසර දුන්නද මන්ත්‍රීවරුන්ගේ භාවිතය සඳහා වාහන ආනයනය කිරීමට දැන්ම කටයුතු නොකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
Read More‘ඔන් ලයින්’ පනතට නව සංශෝධන කීපයක් ගෙන ඒමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (05) දැනුම් දුන්නේය
Read Moreපොල්ගෙඩි මිලියන දෙසීයකට සමාන ධාරිතාවෙන් යුත් පොල් මද ආශ්රිත නිෂ්පාදන ප්‍රමාණයක් හා පොල් තෙල් නිෂ්පාදනය සඳහා වියළන ලද කුරුට්ට සහිත පොල් ආනයනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreටොයොටා ලෑන්ඩ් කුෂර් වර්ගයේ ජීප් රථයක් නීති විරෝධී ව මෙරටට ආනයනය කර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි කළ වාහන වෙළඳාම් කිරීමේ ව්‍යාපාරිකයකු මොරන්තුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
Read Moreආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝදර අතර මාර්ග කොටස තුල ඇති නායයාමේ අවධානම වැලක්වීම සදහා කඩිනම් ස්ථිර සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.
Read Moreමත්පැන් පානය කර තනිකඩ බට නිවාසය තුළදී පාලනය කරගත නොහැකි තරමට කලාහකාරි ලෙස හැසුරුනු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ රාජකාරී වැඩ තහනමට ලක් කිරීමට පියවර ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
Read Moreජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කරන්නේ මහජන ආරක්ෂක ආමත්‍ය ආනන්ද විජේපාල මහතායි. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර පත්වෙන්නේ ඒ ඒ ජනාධිපතිවරයාගේ ධුර කාලයට හා ඒ ඒ ජනාධිපතිවරයාගේ කැමැත්ත මතයි.
Read Moreදෙහිවල හා ගල්කිස්ස පොලිස් වසම් වල සිදුකළ මනුෂ්‍ය ඝාතන හතරක යතුරු පැදි කරු ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව මන්නාරම පේසාලේ ප්‍රදේශයේ 2025 පෙබරවාරි මස 04 වැනි දින සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද පරෙවියන් (Pigeons), අප්‍රිකානු සුරතල් පක්ෂීන් (African love birds), පියාඹන ලේනුන් (Flying squirrels) සහ ඖෂධ තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) නීතියේ රැහැනට අසුකර දීමට කටයුතු කෙරිණි.
Read Moreආණමඩුව නායික්කුලය රඹේයාය ප්‍රදේශයෙ ගොවින්ගේ තෙත වී මිලදි ගැනිමට පැමිනි ව්‍යාපාරිකයකු කිසිවකුට සැක නොසිතන අයුරීන් ඔහු රැගෙන ආ බිම් බලැන්සයෙ බර වෙනස් කරමින් ගොවින්ගේ වී හොරට කිරමින් සිටියදි ගොවින් විසින් අදාල ව්‍යාපාරීකයා හා ලොරි රථය සමග එහි සේවකයින් පිරිස ආණමඩුව පොලිසියට භාර දීමට 4 දින සවස කටයුතු කර තිබු බව කියයි.
Read More