නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් සදහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද දැනුම් දීමෙන් පසුව බවට කෙරෙන ප්‍රකාශ සම්පුර්ණයෙන්ම අසත්‍යය බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි්
වෙළඳපොළේ හාල් හිඟයක් නිර්මාණය වී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා පැනවූ ගැසට් නිවේදනයන් අවලංගු නොකර, එම ගැසට් නිවේදන වත්මන් රජයත් ක්‍රියාත්මක කිරීම නිසා බව, එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා සඳහන් කළේය.
Read Moreජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය.
Read More2024 වර්ෂයේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් ස ඳහා තෙවන පාසල් වාරයේ පළමු අදියර 2024. 11. 22 වන සිකුරාදා දිනෙන් අවසන් වන අතර ඒ අනුව හෙට දිනයෙන් පසු පාසල් නිවාඩු කාලය ආරම්භ වේ.
Read Moreමුලතිව් මන්කුලම් වේලාන්කුලම් ප්‍රදේශයේදී ඊයේ (20) සවස යතුරුපැදි දෙකක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි මාන්කුලම් පොලීසිය පැවසීය.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහවත්තේ චාමර නැමැත්තාට අයත් රුපියල් මිලියන එකොළහක් පමණ වටිනා අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අත්ඩගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
Read Moreවඩේ එකක් අනුභව කරමින් සිටියදී කැස්සක් ඇති ඇති වී හටගත් අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.
Read Moreමාසයකදී ගුවන් ටිකට්පත් 500කින් රු. කෝටි 4.5 පමණ වැඩිපුර අයකරලා...
Read Moreආර්ථිකයට විශාල කම්පන දැරිය නොහැකි බවත් ආර්ථිකය මෙහෙයවීමේදී සියුම් සියලු තැන් පිළිබඳව දැඩි සංයමකින් කටයුතු කළ යුතු බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
Read Moreලංකාවේ ආන්දෝලනයට තුඩු දුන් ඝාතන ඇති බවත් ඒවා කාලයේ වැලි තලාවෙන් යටවී යැයි සිතුවත් එවැනි ආන්දෝලනයට තුඩු දුන් ඝාතන පිළිබඳව සාධාරණය ඉටු විය යුතු බවත් ඔහු පැවැසීය. ආන්දෝලනයට තුඩු දුන් සියලු ඝාතන පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන බවත් වින්දිතයන්ට සාධාරණය ඉටු කරන බවත් ජනපතිවරයා සඳහන් කළේය.
Read Moreතනි පක්ෂ පාලනයක් අපේක්ෂා නොකරන බවත් බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය පිළි ගන්නා බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
Read Moreහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 11/21 දින උදෑසන ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
Read Moreපොල් පළතුරු ඇතුළු ප්‍රධාන ආහාර බෝගවලට ඉතා විශාල හානියක් සිදුකරන රිලවුන් හා අනෙකුත් සත්ව හානි පාලනයට ගත හැකි තිරසාර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කානත මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
Read Moreපාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුව පෙරවරු 11.30 තෙක් කල් දැමිමට කටයුතු කළේය.
Read Moreනව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය අශෝක රංවල මහතා තේරී පත්වුණි.
Read Moreකැබිනට් මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය කිරීම වෙනුවෙන් අධීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමට නියමිතය. එම අධීක්ෂණ මණ්ඩලය සඳහා සුදුසුකම් හා අත්දැකීම් ඇති අය පත් කිරීමට නියමිත බව ද වාර්තා විය.
Read Moreසෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සඳහා රුපියල් මිලියන 31.08 මුදලක් වැය කරමින් ස්ථාපිත කර තිබූ සේවකයන්ගේ සේවය වාර්තා කිරීම සඳහා තිබූ ඇඟිලි සලකුණු යන්ත්‍ර 213 ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රීය ව තිබූ බව ජාතික නිගමන කාර්යාලය මගින් නොවැම්බර් මස 16 වන දින නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ.
Read More10වැනි පාර්ලිමේන්තුව අද (21දා) පෙරවරු 10ට රැස්වීමට නියමිතව තිබේ. ඒ අනුව අද දිනයේ පළමු රාජකාරිය ලෙස කථානායකවරයෙකු පත්කිරීම සිදු කිරීමට නියමිතව ඇත.
Read Moreඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාවට අනුමැතිය දීම සම්බන්ධයෙන් ප්‍රකාශ ගැනීමට එම කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍යවරුන් 18 දෙනාගෙන් සිව්දෙනෙකු අද (21) රහස් පොලිසියට කැඳවා ඇත.
Read Moreජීප් රථ රියදුරෙකුගෙන් බලහත්කාරයෙන් රුපියල් 600 ක් වටිනා රෝල්ස් 2 ක් ප්ලේන්ටි 2 ක් හා දුම්වැටි 2 ක් ලබාගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය කියයි
Read Moreජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, නීතිවිරෝධී අන්දමින් සුරාබදු බලපත්‍ර නිකුත් කරමින් හිටපු මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වගඋත්තරකරුවන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා සුරාසැල් හිමියන් දෙදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළහ.
Read Moreදුප්පතුන් දුප්පත් වනවිට ධනවතුන් පොහොසත් වන ලෝකයක සමෘද්ධිය සහ ස්ථාවරත්වය කළ නොහැකි බවත්, ගෝලීය සංවර්ධනය යටතේ ලෝකය සැමට ප්‍රයෝජනවත් සහ වඩා ඔරොත්තු දෙන තත්ත්වයට පත් කළ යුතු බවත් චීන ජනාධිපති ෂි ජින්පිං මහතා පැවසීය.
Read Moreහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21දා) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.
Read Moreනව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් ධුරයක් සඳහා රවී කරුණානායක මහතා ගේ නම මැතිවරණ කොමිසමට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර තිබේ.
Read Moreමාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර දෙකෙන් එක් මන්ත්‍රීධුරයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතය.
Read Moreයම් යම් පාර්ශව මැදිහත් වී දකුණු කොරියාවේ ඍතුමය රැකියා සඳහා වන E8 වීසා යටතේ අනුමත ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කිරීම හේතුවෙන් එම රැකියා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින් අපහසුතාවයට පත්වීම පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ අවධානය යොමුවී තිබේ.
Read More2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2024.11.25 දින සිට 2024.12.20 දින දක්වා පැවැත්වීමට මේ වන විට දින නියම කර ඇත.
Read Moreජනතා විමුක්ති පෙරමුණේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේ පැවති රැස්වීමකට මීට වසර 12කට පෙර කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනකු ඝාතනය කර තවත් අයෙකුට මරණීය තුවාල කිරීමේ චෝදනාවන්ට වරදකරු කරමින් ජුලම්පිටියේ අමරේ නැමැත්තාට තංගල්ල මහාධිකරණයෙන් පනවා තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය අද (20) අනුමත කළේය.
Read Moreඉදිරි පුනරුද යුගයට ගැළපෙන පුරවැසියන් බිහි කිරීමට සමත් සිසු විශ්වසනීයත්වය තහවුරු වූ පීඩාකාරීබවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් වත්මන් ශිෂ්‍ය සම්පත මෙහෙයවීමට කැප වෙන බව අද දින පෙරවරුවේ ‘ඉසුරුපාය’ - අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අභිනව රජයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අමාත්‍ය ධුරය භාර ගනිමින් ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය පැවසී ය.
Read Moreවෙළඳපොළ තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් මසකට නාඩු සහල් (ස්වර්ණ නාඩු) මෙට්‍රික් ටොන් 70000ක උපරිම සීමාවකට යටත්ව ආනයනය කර පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට රජය තීරණය කර තිබේ.
Read More