ඇමෙරිකානු කලාපයේ හවායි දූපත් වෙත බලපෑ ලැව්ගිනි හේතුවෙන් සිදුව ඇති විනාශය සුළුපටු නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මෙම ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුදුගලයන් 96දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් සැලකිය යුතු පිරිසක් අතුරුදන්ව සිටින බව කියයි.
ලැව්ගිනි නිසා විනාශයට පත් නගරවල මේ වනවිට මංකොල්ලකෑම් වාර්තා වන බවද සඳහන් වන අතර, ඇතැම් නගර හා ගම්මාන සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවද සඳහන් වෙයි.
මෙය ඇමෙරිකානු ඉතිහාසයේ මෑත කාලීනව ඇති වූ මාරාන්තිකම ලැව්ගිනි තත්ත්වය ලෙස මේ වනවිටත් වාර්තා තබා ඇත.