බටහිර ඔස්ට්‍රේලියානු වෙරළ තීරයකට ගොඩගැසුණු අද්භූත හඳුනා නොගත් ගෝලාකාර වස්තුවක් හේතුවෙන් පොලිසිය ව්‍යාකූල වී ඇත.
පර්ත් නගරයට උතුරින් කිලෝමීටර් 250ක් පමණ දුරින් පිහිටි ග්‍රීන් හෙඩ් වෙරළ තීරයේදී යෝධ ලෝහ වස්තුව ප්‍රදේශවාසීන් විසින් සොයා ගන්නා ලදී.
ප්‍රාන්ත සහ ෆෙඩරල් බලධාරීන් මෙම අයිතමය විමර්ශනය කරමින් සිටින අතර, එය දැනට වාණිජ ගුවන් යානයක කොටසක් යැයි විශ්වාස නොකරයි.
එය අනතුරුදායක වස්තුවක් ලෙස සලකා, ආරක්ෂිත දුරක් තබා ගන්නා ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා ඇත.
2014 වසරේ බටහිර ඔස්ට්‍රේලියානු වෙරළට ඔබ්බෙන් මගීන් 239දෙනෙකු සමග අතුරුදන් වූ MH370 යානයේ කොටසක් විය හැකි බවට යම් අනුමානයක් පැවතියද, එය තවමත් තහවුරු කර නැත.