රට තුළ ඇතිවීමට ගිය සිවිල් යුද්ධක් සාර්ථකව මැඬපැවැත්වීමට ආරක්ෂක අංශවලට සහ නීතිය පසිඳලීමේ ආයතනවලට හැකිවූ බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින් අවධාරණය කරයි.
රුසියානු හිතවාදී වැග්නර් කුලී හමුදාව විසින් පසුගියදා රුසියාවේ නගරයක් අත්පත් කරගනිමින්, එරට මොස්කව් අගනුවර අල්ලා ගැනීමට පැමිණෙන බවට සිදුකළ තර්ජනය කිරීමත් සමග ගෙවුණු සතියේ මෙම සිවිල් ආරවුලෙන් ඇලලී ගියේය.
කෙසේ වෙතත්, ඉතාම සුළු කාලයක් ඇතුළත මෙය ව්‍යර්ථ කිරීමට රුසියාව සමත් වූ අතර, වැන්ගර් හමුදා නායකයාට බෙලරූසයට පළා යාමට ඉඩ ලබාදෙන ලදී.
මෙම අවස්ථාව සමරනු වස් රුසියානු ජනාධිපතිවරයා එරට ආරක්ෂක අංශ වෙත සිය කෘතඥතාව පළකර අතර, ඔවුන් සියලු දෙනා සිවිල් යුද්ධයක් වළක්වා ගැනීමේ විරුවන් ලෙස ප්‍රශංසාවට ලක්කර ලදී.