දින හතරක් තුළ තෙවැනි වතාවටත් ඊශ්රායලයෙන් එල්ල වූ ප්රහාර හේතුවෙන් සිරියානු ගුවන් ආරක්ෂණ පද්ධතිය ක්රියාත්මක කර තිබේ.
මෙම ආසන්නතම ප්රහාරය ලෙබනන් ගුවන් සීමාවෙන් පැමිණ ඇති අතර, එය අද අලුයම් කාලයේ එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
එහිදී ඇතැම් මිසයිල ප්රහාරයන් වැළැක්වීමට සිරියානු ගුවන් ආරක්ෂණ පද්ධතියට නොහැකි වීම නිසා ගොඩනැගිලි කිහිපයකට හානි වී හමුදා සාමාජිකයන් පිරිසක් තුවාල ලබා ඇත.
මෙම ප්රහාරය එල්ල වී ඇත්තෙ සිරියානු අගනරගයට සහ ඒ ආසන්න නගර වෙත ගුවන් ප්රහාර මාලාවක් එල්ල වූ දින දෙකකින් පසුවය.