ඔස්ට්‍රේලියාවේ සංවිධානාත්මක අපරාධ ජාලයේ ප්‍රධාන සාමාජිකයෙකු කාර්යබහුල සිඩ්නි සාප්පු සංකීර්ණ ප්‍රදේශයකදී වෙඩි තබා ඝාතනය කර තිබේ.
අද එරට ප්‍රාදේශීය වේලාවෙන් 08.30ට පමණ රථගාලකදී 48 හැවිරිදි පුද්ගලයා ඉල්ල කර ඇති අතර, ඔහු එම ස්ථානයේදීම මිය ගියේය.
වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ ඝාතනයක ලක්ෂණ දරණ බව රහස් පරීක්ෂක අධිකාරී ඩැනී ඩොහර්ටි පැවසීය.
මෙම පුද්ගලයා එරට විශාලතම නීති විරෝධී යතුරුපැදි කල්ලියක් සමඟ සම්බන්ධතා ඇති බව ඔහු පැවසීය. ඔස්ට්‍රේලියාවේ යතුරුපැදි කල්ලි සාමාජිකයන් හඳුන්වනු ලබන්නේ "බයිකි" යන නමිනි.