ස්පාඤ්ඤයේ ලා පල්මා දූපත ආශ්රිතව සිදුවූ ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර 4,500ක් විනාශ වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
හදිසි සේවා කණ්ඩායම් විසින් ප්රදේශය ආශ්රිතව ජීවත්වන ජනයා ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
සෙනසුරාදා උදෑසන කාලයේදී ලැව්ගිනි ආරම්භ වී ඇති අතර, පැය කිහිපයක් තුළ ලැව්ගිනි තත්ත්වය විශාල ප්රදේශයක් පුරා පැතිර ගොස් ඇත.
වියළි සුළං සහිත කාලගුණය හේතුවෙන් ලැව්ගිනි පැතිරීම වේගවත් වී ඇති බව බලධාරීන් සඳහන් කරයි.