භාස්මතී නොවන සුදු සහල් අපනයනය නැවැත්වීමට ඉන්දියාව ගත් පියවර යළි ආපස්සට හරවන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලීමක් කර තිබේ.
විශේෂයෙන්ම මේ හරහා ගෝලීය වශයෙන් සහල් මිල ඉහළ යෑමේ ප්‍රවණතාවක් ඇතිවනු ඇති බව එම සංවිධානය පවසයි.
ලෝකයේ විශාලතම සහල් අපනයනකරුවා වන ඉන්දියාව, ගෝලීය සහල් අවශ්‍යතාවයෙන් 40%ක් අපනයනය කරයි.
ඉන්දියාවේ සහල් මිල පාලනය කිරීම සඳහා භාස්මතී නොවන සුදු සහල් අපනයනය නවත්වන බව පසුගියදා ඉන්දියාව කියා සිටියේය.