ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ සංක්‍රාන්ති ලිංගිකයන්ගේ සමාජ ශාලාවකට ඇතුළු වී සමූහ වෙඩි තැබීමක් සිදුකරමින් පුද්ගලයන් 5දෙනෙකු ජීවිතක්ෂයට පත්කර තවත් සැලකිය යුතු පිරිසකට බරපතළ තුවාල සිදුකළ චූදිතයාට වසර 2,208ක සිර දඬුවමක් නියම වී තිබේ.
23 හැවිරිදි ඇන්ඩර්සන් ලී ඇල්ඩ්රිච් අධිකරණයේදී තමා නිවැරදිකරු බව කියා සිටියත්, ඔහුට එරෙහිව මිනී මැරුම් චෝදනා සහ මනුෂ්‍ය ඝාතන තැත් කිරීමේ චෝදනා 51ක් එල්ල වී තිබුණි.
මෙය කොලරාඩෝ ප්‍රාන්තයේ දෙවැනි දීර්ඝතම දඬුවමක් හිමිවූ අවස්ථාව ලෙස ඉතිහාසගත වන බවද අධිකරණ තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා පවසා සිටියේය.