ෂෙන්ෂො-15 අභ්‍යාවකාශ මෙහෙයුම හරහා චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කළ ගගනගාමීන් අද (04දා) පෘථිවිය බලා යළි පැමිණියහ.
එම මෙහෙයුමට සම්බන්ධව සිටි ෆෙයි ජුන්ලොන්ග්, ඩෙන්ග් කින්ග්මින්ග් සහ සැන්ග් ලූ යන ගගනගාමීන් මාස 6ක කාලයක් අභ්‍යවකාශයේ ගතකළ සිය මෙහෙයුම අවසන් කරමින් මෙසේ යළි පෘථිවය වෙත පැමිණ තිබුණි.
ඒ වනවිටත් ෂෙන්ෂෝ-16 මෙහෙයුම හරහා ගගනගාමීන් තිදෙනෙකු පසුගියදා චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා ගමන් කර තිබුණු අතර, ඔවුන් ඉදිරි මාස කිහිපය එහි ගතකරනු ඇත.