චීනයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීම සඳහා මුහුණදිය යුතු අතිශය තරගකාරී විභාගයට 27 වරක් මුහුණදී තම බලාපොරොත්තුව ඉටුකර ගැනීමට නොහැකි වූ 56 හැවිරිදි පුද්ගලයෙකු පිළිබඳ වාර්තා වෙයි.
විවාහකයෙකු වන ලියෑන්ග් ෂායි මේ වනවිට එක්දරු පියෙකු වන අතර, ඔහු ක්ෂේත්‍ර කිහිපයක රැකියාවන්හි නිරතව තිබුණත්, තමන් බලාපොරොත්තු වන විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය තවමත් සමත් වීමට ඔහුට නොහැකි වී ඇත.
ඒ අනුව, මෙම ජූනි මාසයේදී මිලියන 13ක් වූ විභාග අපේක්ෂකයන් සමග ඔහු 27 වැනි වරටත් මෙවර විභාගයට මුහුණදී තිබුණේ, ඔහු මුලින්ම විභාගයට මුහුණදී වසර 40කට පසුවය. නමුත් මෙවරත් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගැනීමට ඔහුට නොහැකි විය.