ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පසුගිය ඉරිදා දුර්ලභ හා නොගැඹුරු භූමිකම්පාවකින් සෙලවීමකට ලක්විය.
සියවසකට වැඩි කාලයකදී ඔස්ට්‍රේලියානු නගරයට බලපෑ විශාලතම භූමිකම්පාව ලෙස මෙය සැලකෙන අතර, ඉන් ගොඩනැගිලි සෙලවීමකට ලක්වූ නමුත් වාසනාවකට මෙන් ඉතා සුළු හානි පමණක් වාර්තා විය.
මූලික තොරතුරු වලට අනුව, රිච්ටර් මාපකයේ 3.8ක භූ කම්පනය වයඹ දිග සන්බරි උපනගරයේ දේශීය වේලාවෙන් රාත්‍රී 11:41ට පමණ පොළොව මට්ටමේ කිලෝමීටර් 2ක් ගැඹුරින් ඇති වූ බව ඔස්ට්‍රේලියානු භූ විද්‍යා ඒජන්සිය සඳහන් කළේය.
වික්ටෝරියා හි පිහිටි භූ කම්පන විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රධාන විද්‍යාඥ ඇඩම් පැස්කල් පැවසුවේ 1902 දී රිච්ටර් මාපක 4.5ක භූමිකම්පාවකින් පසු මෙල්බර්න් සිට කිලෝමීටර 40ක් ඇතුළත ඇති වූ විශාලතම භූමිකම්පාව මෙය බවයි.