කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය මේ දක්වා ලොව පුරා ආසාදනය වූ පිරිස 932,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
එමෙන්ම ලොව පුරා දත්ත සැලකීමේදී මේ දක්වා වෛරසය ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාව 47,000කට ආසන්න වෙමින් ඇති බවද එම දත්ත පෙන්වා දෙයි.
මේ අනුව, සමස්තයක් ලෙස මේ වනවිට 932,605 දෙනෙකු වෛරසය ආසාදනය වූවන් ලෙස ධනාත්මක පරීක්ෂණ ප්‍රතිඵලවලින් තහවුරු කර ඇත.
එමෙන්ම මෙසේ ධනාත්මක පරීක්ෂණ ප්‍රතිඵල පෙන්වා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පිරිසෙන් පුද්ගලයන් 46,809 දෙනෙකු ලොව පුරා කොවිඩ්-19 වෛරසයට ගොදුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෛරසය ආසාදනය වූවන් වැඩිම වාර්තා වන රට ලෙස එක්සත් ජනපදය ඉදිරියෙන් සිටින අතර, එම අගය 213,000 ඉක්මවා ඇති අතර, ඉතාලිය දෙවැනි තැන ගනිමින් 110,000ක් ඉක්මවා තිබේ. ස්පාඤ්ඤයද ආසාදිත පිරිසේ තෙවැනි තැන ගන්නා රාජ්‍ය ලෙස ආසාදිතයන් 104,000ක් ඉක්මවා තිබේ.