කොවිඩ්-19 වෛරසයට ගොදුරුව ඇමෙරිකාවේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 14,817ක් ලෙස වාර්තා වන අතර, ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව 14,792ක් බව ජෝන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
කෙසේ වෙතත් දැනට ලෝකයේ වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් පිරිසක් වාර්තා වන ඇමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයන් 431,838 අතරින් මෙම මරණ සංඛ්‍යාව (14,817ක්) වාර්තා වන අතර, ඊට සාපේක්ෂව එරට වෛරසය වැළඳී සුවය ලබා ඇති පිරිස 23,906ක් තරම් සුඵ පිරිසකි.
ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ ස්පාඤ්ඤයේ මරණ අභිභවා යෑමත් සමග කොරෝනා මරණවලින් ලෝකයේ තෙවැනියට ඉදිරියෙන් සිටින ස්පාඤ්ඤයෙන් මරණ 14,792ක් වාර්තා වන්නේ, එරට ආසාදිතයන් 148,220ක් අතරිනි. කෙසේ වෙතතත් වෛරසය ආසාදනය වී සුවය ලැබූවන් 48,021ක් හෙවත් සමස්ත ආසාදිතයන්ගෙන් තුනෙන් එකක් පමණ ස්පාඤ්ඤයෙන් වාර්තා වෙයි.
දැනට ලොව වැඩිම කොවිඩ්-19 මරණ වාර්තා වන්නේ ඉතාලියෙනි. එම අගය 17,669ක් වන අතර, එරට ආසාදිතයන් සංඛ්‍යාව 139,442කි. එසේම 26,491ක් සුවය ලබා ඇත. කෙසේ වෙතත් ඉතාලියට හා ස්පාඤ්ඤයට සාපේක්ෂව ඇමෙරිකාවේ ආසාදිතයන් මෙන්ම, මරණ අනුපාතයද වේගයෙන් ඉහළ යන බවක් දක්නට ලැබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එමෙන්ම කොවිඩ්-19 වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයෙන් වාර්තා වූයේ කොවිඩ්-19 මරණ 3,337ක් පමණක් වන අතර, ඔවුන් මේ වනවිට වෛරසය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කරමින්, වෛරසයෙන් දැඩිම බලපෑමට ලක්වූ වූහාන් නගරය පවා සාමාන්‍ය තත්ත්වයට ගෙන තිබේ.