ලන්ඩනයේ ජීවත්වන්නන් 50දෙනෙකුගෙන් එක් අයෙකු නිවසක් නොමැති හෝ තාවකාලික ලැගුම්හලක දිවි ගෙවන්නෙකු බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
මෙම තත්ත්වය ලන්ඩනය තුළ වර්ධනය වන අතිශය දරුණු ඛේදවාචකයක පෙර නිමිත්තක් බව මෙම අධ්‍යයනය සිදුකළ ගෘප් ලන්ඩන් කවුන්සිලය පවසයි.
එසේම, ගෙවුණු වසර තුළ ලන්ඩනයේ නිවසක් නොමැති පිරිස 110%කින් ඉහළ ගොස් ඇති බවද එම කවුන්සිලය වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෑත කාලය තුළ එක්සත් රාජධානියේ උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර, ජනතාවට එදිනෙදා ජීවන වියදම් දරා ගැනීම අතිශය අසීරු වී තිබීමද මෙම තත්ත්වයට හේතුවක් බව කියැවේ.