රොක් ඇන්ඩ් රෝල් රැජින යන විරුධාවලිය ලබා සිටි ටීනා ටර්නර් අවුරුදු 83ක් ආයු වලඳා සිය ජීවිතයට සමුදුන් පුවත ඇගේ පවුලේ ඥාතීන් උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
ස්විට්සර්ලන්තයේ සිය නිවසේදී ඇය සිය ජීවිතයට සමුදී තිබුණේ ඊයේ දිනයේදීය. ඇයගේ මරණයත් සමග සංගීත ලෝකයේ පුරාවෘත්තයක් අහිමිවූ බවද ඇයගේ පවුලේ ඥාතීන් පවසා තිබුණි.
සිය ස්වාමියා සමග සංගීත දිවියට පැමිණි ඇය පසුව තනිවම නැගී සිටියේ විවාහ දිවියේ ඇය විඳි අනේකවිධ කම්කටොළු සමගිනි.
අර්බුද මැද ජීවිතය නැතිකර නොගෙන තමාට තනිවම නැගී සිටීමට මගකීවේ බුදුදහම බව ඇය බොහෝ අවස්ථාවල ප්රසිද්ධියේ පවසා තිබුණි.