ලෝක ප්‍රකට මාධ්‍යජාලා හිමිකරුවෙකු වන රූපට් මර්ඩොක්ගේ නවතම ප්‍රේම වෘතාන්තය විශ්‍රාමික රුසියානු ඇමෙරිකානු විද්‍යාඥවරියක වන එලේනා සුකෝවා බව විදෙස් වාර්තා පවසයි.
ඔවුන් මේ වනවිට විශේෂිත යොච් යාත්‍රාවක නැගී මධ්‍යධරණී මුහුදේ සවාරියක් යමින් සිටින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
66 හැවිරිදි එලේනා වර්ෂ 1991 දී ඇමෙරිකාවට සංක්‍රමණය වී ඇත්තේ, ඇයගේ පළමු සැමියාගෙන් දික්කසාද වීමෙන් පසුවය.
92 හැවිරිදි වියේ පසුවන මර්ඩොක් වෙත ඇයව හඳුන්වා දී ඇත්තේ ඇගේම දියණියක වන ඩාෂා විසින් බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
මර්ඩොක් මීට පෙරද ප්‍රේම වෘතාන්ත රැසකට මැදිවූ ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහු සිය වයස ඒ සඳහා බාධාවක් කරගෙන නොමැති වීමද තවත් විශේෂත්වයක් වී තිබේ.