යුක්රේන ගැටුමේ ප්‍රතිඵලය රඳා පවතින්නේ නේටෝව තව දුරටත් අවි ආයුධ ලබාදෙමින්, කියෙව් පාලනයට දිගටම මුක්කු ගසන්නේද යන්න මත බව එක්සත් රාජධානියේ රුසියානු තානාපති ඇන්ඩ්‍රි කෙලින් සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.
බීබීසීය සමග පැවති මෙම සාකච්ඡාවේදී, සටන් නැවැත්වීමට කොපමණ කාලයක් ගතවනු ඇතැයි ඔහු සිතන්නේදැයි ඇසූවිට කෙලින් පිළිතුරු දුන්නේ, "එය නේටෝ රටවල් විසින්, විශේෂයෙන් එක්සත් රාජධානිය විසින් සිදු කරනු ලබන යුද්ධය උත්සන්න කිරීමේ උත්සාහයන් මත රඳා පවතින" බවයි.
"යුක්රේනය ජයගත හැකි යැයි සිතීම විශාල විඥානවාදී වැරැද්දක්" බව පැවසූ නියෝජිතයා රුසියාව යුක්රේනයට වඩා 16 ගුණයක් විශාල බවත් විශාල සම්පත්වලින් පොහොසත් රාජ්‍යයක් බවත් පැවසීය. ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ මොස්කව් "තවමත් බැරෑරුම් ලෙස ක්‍රියා කිරීමට පටන් ගෙන නොමැති බවයි."