රුසියානු විදේශ අමාත්‍යාංශය විසින් යුරෝපා සංගමයේ හිතකාමී නොවන ක්‍රියාවන්ට ප්‍රතිචාරයක් ලෙස යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ සේවකයන් 18දෙනෙකු වහාම රටින් නෙරපා දැමීමට පියවර ගෙන තිබේ.
මේ සමග යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී මාර්කස් එඩරර් විසින් යුරෝපා සංගමය වෙත දන්වා ඇත්තේ, තම දූත මණ්ඩලයේ සේවකයන් පිරිසක් අසාධාරණ ලෙස රටින් නෙරපා දමා ඇති බවයි.
මෙම නිවේදනයත් සමග රුසියානු විදේශ අමාත්‍යාංශය පවසා සිටියේ, දශක ගණනාවක් පුරා නිර්මාණය කර ඇති ද්විපාර්ශ්වික සංවාදයේ සහ සහයෝගීතාවයේ ගෘහ නිර්මාණය අඛණ්ඩව විනාශ කිරීම සඳහා යුරෝපා සංගමය වගකිව යුතු බවයි.
1961 රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියට යුරෝපා සංගමය අවනතවීමේ අවශ්‍යතාව පිළිබඳ සිහිපත් කිරීමක්ද රුසියාව විසින් ප්‍රධානී මාර්කස් එඩරර් වෙත සිදුකර තිබේ.
"යුරෝපීය සංගමයේ මිත්‍රශීලී නොවන ක්‍රියාවන්ට ප්‍රතිචාරයක් ලෙස, රුසියාවේ රැඳී සිටින යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ සේවකයන් 18දෙනෙකු 'Persona non grata' ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, නුදුරු අනාගතයේ දී රුසියානු සමූහාණ්ඩුවේ භූමියෙන් ඉවත් වීමට සිදුවනු ඇත" අමාත්‍යාංශය පැවසීය.
මෙම 'Persona non grata' යනු විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන්ට අත්අඩංගුවට ගැනීමෙන් සහ වෙනත් ආකාරයේ නඩු පැවරීම්වලින් ඔවුන්ගේ රාජ්‍යතාන්ත්‍රික මුක්තිය ආරක්ෂා කිරීම ඉවත් කිරීම සඳහා සත්කාරක රටක් විසින් යොදන ලද තත්ත්වයකි.