රුසියානු ආරක්ෂක නෞකා දෙකක් තායිවානයට ආසන්න මුහුදේ ගමන් කිරීම නිරීක්ෂණය කිරීම සඳහා තායිවානය එරට නාවික යාත්‍රා සහ ගුවන් යානා යොදවා තිබේ.
තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශයද මෙසේ ආරක්ෂක නෞකා සහ ගුවන් යානා යෙදවීම තහවුරු කර ඇති අතර, තායිවාන ගොඩබිම මිසයිල ආරක්ෂණ පද්ධතියද ක්‍රියාත්මක කර තිබේ.
විශේෂයෙන්ම, චීනය සමග පවතින ආරවුල සමග තායිවානය සිය ආරක්ෂාව තරකර ගැනීම වෙනුවෙන් යුහුසුළු වන අතරම, රුසියාව චීන හිතවාදී වීම හේතුවෙන් මෙලෙස රුසියානු නෞකා සම්බන්ධයෙන්ද උනන්දු වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.