අකුණු සැරක් වැදුණු ගුවන් යානයක් හදිසි ගොඩබෑමකට ලක්කරන අවස්ථාවේදී ගුවන් ආරක්ෂණ ක්රමවේද නිසි පරිදි භාවිත නොකළේ යැයි චෝදනාවට ලක්වූ රුසියානු ගුවන් නියමුවෙකුට වසර 6ක සිරදඬුවමක් නියම කර තිබේ.
මෙම අනතුර මීට වසර හතරකට පෙර සිදුවූ අතර, මෙහිදී අනතුරට පත් යානය ගුවන් පථයේදී ගිනි ගැනීමකට ලක්වීමෙන් එහි සිටි මගීන් 41දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
මෙම අවස්ථාවේදී යානයේ මගීන් 78දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, අනතුරින් තවත් 22දෙනෙකු තුවාල ලැබූ බව සඳහන් වේ.