ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) සේවය කරන 'රුසියානු ගගනගාමියෙකු' යැයි පවසමින් පුද්ගලයෙකු ජපාන කාන්තාවකගෙන් යෙන් මිලියන 4.4ක් (ඩොලර් 30,000) වංචා කර තිබේ.
මෙම වින්දිත කාන්තාව ජපානයේ මධ්‍යම ෂිගා ප්‍රාන්තයේ 65 හැවිරිදි කාන්තාවක් වන අතර, සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සැකකාර පුද්ගලයා දැන හඳුනාගෙන ඇත.
ඔහු අභ්‍යවකාශයේ සිට ගත් ඡායාරූප යැයි පවසමින් විවිධ ඡායාරූප හුවමාරු කරගෙන ඇති අතර, දැනට ISS හි ස්ථානගතව සිටින රුසියානු ගගනගාමීයෙකු බවද සඳහන් කර තිබේ.
“මම ජපානයට නැවතත් පැමිණියාම ඔබ මාව විවාහ කරගන්නවාද? මම ඔයාට ආදරෙයි” යනුවෙන් මෙම පුද්ගලයා කිහිප වරක් එම කාන්තාවට පවසා ඇති බවද පොලීසිය අනාවරණය කරගෙන ඇත.
කෙසේ වෙතත්, එසේ කිරීමට පෙර ඔහුට ප්‍රථමයෙන් පෘථිවියට ආපසු පැමිණීමට සිදුවන බවද ඔහු ඇයට පවසා ඇත. ඒ අනුව, එසේ පැමිණීම සඳහා රොකට් වියදම් සහ දැවැන්ත ගොඩබෑමේ ගාස්තු ගෙවිය යුතු බවද සඳහන් කරමින්, ඔහු මෙම වංචාව සිදුකර තිබේ. අවසානයේදී මෙම සැකකරු විශ්වාස කරමින් මෙම කාන්තාව ජපාන යෙන් මිලියන 4.4ක් (ඩොලර් 30,000) සැකකරුගේ බැංකු ගිණුමකට බැරකර ඇති බව පොලීසිය පවසයි.