ඉන්දියාවේ විපක්ෂ කොංග්රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක රාහුල් ගාන්ධි විසින් ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් මනිපූර් ප්‍රාන්තයේ සංචාරය කිරීම පොලිසිය විසින් හදිසියේ නතර කර තිබේ.
ප්රචණ්ඩත්වය හේතුවෙන් අවතැන් වූවන් සහ සිවිල් සමාජ කණ්ඩායම්වල නායකයින් හමුවීමට ගාන්ධි දෙදින සංචාරයක් සඳහා ඊසානදිග ප්‍රාන්තයට පැමිණ ඇත.
පසුගිය මාස දෙකක කාලය තුළ මනිපූර් විවිධ ජන ප්‍රජාවන් අතර ගැටුම්වලින් කම්පනයට පත්ව තිබේ. මේ වනවිට පුද්ගලයින් 100කට වැඩි පිරිසක් මිය ගොස් 400කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මනිපූර් හි තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා රජයේ ඉහළ නිලධාරීන් සමඟ රැස්වීමක් පවත්වා ඇති නමුත් ඔහු ප්‍රාන්තයට නොපැමිණීම හෝ එහි තත්ත්වය පිළිබඳව අදහස් දැක්වීම විවේචනයට ලක්ව තිබුණි.