බටහිර අවිආයුදවලින් රුසියාවට එරෙහි යුද්ධය යුක්රේනයට ජයගැනීමට හැකිවෙතැයි සිතීම මූලිකවම වැරදි අවබෝධයක් බව හංගේරියානු අගමැති වික්ටර් ඔර්බන් පවසයි.
"මම හිටගන්නේ සත්‍ය මතයි. යුක්රේනය සහ බටහිර එක්ව, බටහිර අවි ආයුදවලින් යුක්රේනයට ජයග්‍රහණය ලැබීමට හැකිවෙතැයි සිතීම මුලාවක්" ජර්මනියේ බිල්ඩ් ටැබ්ලොයිඩ් පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔර්බින් පැවසීය.
ඇමෙරිකාවෙන් සහ යුරෝපයෙන් ආයුද, ආධාර සහ බුද්ධිමය තොරතුරු කියෙව් වෙත ලබාදීම හරහා රුසියාව පරාජය කිරීමට හැකිවන බවට වූ උපකල්පන ගැන අදහස් දක්වමින් හංගේරියානු අගමැතිවරයා මෙසේ පවසා සිටියේය.