රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ පවා රඳවා සිටි මැඩෝනා තරමක් සුවය ලබමින් යළි සිය නිවෙස වෙත පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසයි.
බරපතල බැක්ටීරියා ආසාදනයකින් පසුව ඇයට මෙසේ දැඩි සත්කාර ඒකක වෙත යොමුකර තිබූ අතර, මෙම අසනීප තත්ත්වය හේතුවෙන් ඇගේ ලෝක සවාරියක්ද නතර කිරීමට සිදුව තිබුණි.