පොප් තාරකාවන් බිහිකරන ජපානයේ විශාලතම ඒජන්සියේ හිටපු සභාපතිවරයෙකු විසින් සිදුකළේ යැයි කියන ලිංගික අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් සමාව ගනිමින් එහි වත්මන් සභාපතිනී සහ ඔහුගේ ලේලිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ජොනී කිටගාවා දශක හයකට ආසන්න කාලයක් එම ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ කාලයේ තරුණ පොප් තාරකාවන් රැසක් අපයෝජනයට ලක්කර ඇති බව පසුගියදා අනාවරණය විය.
2019 වසරේදී සිය දිවි ගමන නිමා කළ ජොනී, තමා නිවැරදිකරු බව එකල සිටම කියා සිටි අතර, ඔහුට එරෙහිව කිසිදු දඬුවම් පැමිණවීමක් සිදු නොවීය.
කෙසේ වෙතත්, මෙම සිදුවීම යළිත් කරළියට පැමිණ එය විශාල වශයෙන් අනාවරණය වී සති කිහිපයක් යත්ම, එහි වත්මන් සභාපතිනිය සහ ඔහුගේ ලේලිය වන ජූලි ෆිජිෂිමා ප්‍රසිද්ධියේ සමාව අයැදිමින් සිය ධුරයෙන් ඉවත්ව ඇති බව ජපාන මාධ්‍ය වාර්තා පවසයි.