එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමට සහභාගි වීමට යන රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් සමග යන මාධ්‍යවේදීන් වෙත වීසා නිකුත් නොකිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කර තිබේ.
මෙවර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සභාපතීත්වය රුසියාව වෙත හිමිව ඇති පසුබිමක, මේ ආකාරයෙන් රුසියාවේ පිළිගත් මාධ්‍යවේදීන්ට ඇමෙරිකාවට ඇතුළුවීමට බාධා කර ඇත.
මේ ආකාරයෙන් මාධ්‍යවේදීන්ගේ වීසා නිකුත් කිරීමට ඇමෙරිකාව බාධා කිරීම හරහාම වොෂිංටනය පුන පුනා දිවුරන භාෂණයේ නිදහස තවදුරටත් එරට තුළ පවතීද යන්නත්, මෙය ඉතාම මුග්ධ ක්‍රියාවක් බවත් රුසියාවේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු පවසා තිබේ.