තම මළගම සිදුවන අතරතුර තමා රඳවා සිටි මිනී පෙට්ටියට තට්ටු කරමින් නැගී සිටි ඉක්වදෝර ජාතික කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් දින කිහිපයකට පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම කාන්තාව මියගොස් ඇති බව වෛද්‍යවරුන් විසින්ම මුලින් තහවුරු කර තිබුණත්, එය වැරදීමක් බව පසුව අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව, ඇගේ ඥාතීන් විසින් මෙම කාන්තාවගේ සිරුර පෙට්ටියක බහා ඇයගේ අවසන් කටයුතු සඳහා සූදානම් වූ අවස්ථාවේදී ඇය යළි ප්‍රකෘති සිහියට පත්ව තිබේ.
කෙසේ වෙතත්, එම අවස්ථාවේ ඇයව වහාම රෝහල්ගත කිරීමට ඥාතීන් කටයුතු කර ඇත. නමුත් ඇය වෙනුවෙන් යළිත් ප්‍රතිකාර ඇරඹුවද, ඇය ඉන් දින හතකට පසුව සිය ජීවිතයට සමුදී තිබුණි.