පැසිෆික් සාගරයේ අතරමංව මාස දෙකක කාලයක් අමු මාළු අනුභව කිරීමෙන් සහ වැසි ජලය පානය කිරීමෙන් දිවි ගලවා ගත් ඔස්ට්‍රේලියානු නාවිකයෙකු ඉතා හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුතුව දිවි බේරාගෙන තිබේ.
සිඩ්න් හි පදිංචි 51 හැවිරිදි ටිම් ෂැඩොක් සහ ඔහුගේ සුරතල් සුනඛයා වන බෙල්ලා අප්‍රේල් මාසයේදී මෙක්සිකෝවෙන් ප්‍රංශ පොලිනීසියාව බලා පිටත්ව ගිය නමුත් ඔවුන්ගේ බෝට්ටුව සති කිහිපයකට පසු කුණාටුවකට හසුව හානිවී ඇත.
හෙලිකොප්ටරයක් ඔවුන් දැකීමෙන් පසු මේ සතියේ ට්‍රෝලර් යාත්‍රාවක් මගින් ඔවුන් බේරාගැනීම සිදුවිය.
“මම මුහුදේදී ඉතා දුෂ්කර පීඩාවකට මුහුණ දුන්නා." ෂැඩොක් පැවසුවේ ධීවර ආම්පන්න ඔහුට දිවි ගලවා ගැනීමට උපකාරී වූ බවයි.
ඔහු තම බෝට්ටුවේ වියන යට නවාතැන් ගැනීමෙන් හිරු රශ්මියෙන් වැළකී සිටීමටද සමත්ව ඇත.
