ට්විටර් සමාජ ජාලය සතු තම කොටස් විකිණීමට සෞදියේ අල් වලීඩ් බිල් තලාල් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ප්‍රකෝටිපති එලොන් මස්ක් සෞදි කුමරු වෙත ට්විටර් ඔස්සේම ප්‍රතිචාර දක්වා තිබේ.
ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරියා ඩොලර් බිලියන 41කට ට්විටර් සමාජ ජාලය මිලදී ගැනීමට යෝජනාවක් ඉදිරිපත් කළ අතර, සෞදි ව්‍යවසායකයා එහි ප්‍රථම ප්‍රධාන කොටස් හිමිකරු ලෙස එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
අල් වලීඩ් මෙම ලංසුව ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කිරීමට ප්‍රතිචාර දක්වමින් මස්ක් ප්‍රශ්න දෙකක් ට්විට් කළේය. "ට්විටර් හි කොතරම් ප්‍රමාණයක් රාජධානියට (සෞදියට) සෘජුව සහ වක්‍රව අයිතිද?" සහ "මාධ්‍යවේදී භාෂණයේ නිදහස පිළිබඳ රාජධානියේ අදහස් මොනවාද?"
අරාබි ලෝකයේ ධනවත්ම මිනිසුන්ගෙන් කෙනෙකු වන සෞදි කුමරා 2011 දී ට්විටර් හි ඩොලර් මිලියන 300ක් ආයෝජනය කළේය. 2015 දී සමාගම ප්‍රසිද්ධියට පත් වූ පසු, ඔහු සෘජුවම සහ ඔහුගේ සමාගම වන Kingdom Holding Company හරහා 5%ක පමණ අයිතියක් ඇති බව වාර්තා කළේය.
කෙසේ වෙතත් 9.1%ක කොටස් මිලදී ගැනීමෙන් පසු මස්ක් විශාලතම ට්විටර් කොටස් හිමියෙකු බවට පත් වූ අතර එය ඔහු මේ මස මුලදී හෙළි කළේය. ඔහු සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ අසුන් ප්‍රතික්ෂේප කළ අතර, ඒ වෙනුවට සමාගම සම්පූර්ණයෙන්ම අත්පත් කරගැනීමේ යෝජනාවකට ගියේය.
ඒ අනුව, ට්විටර් එක් කොටසක් ඩොලර් 54.20 බැගින් මිලදී ගැනීමට ඔහු ඉදිරිපත් විය. එය එහි වර්තමාන වෙළෙඳපොළ මිල වන ඩොලර් 45ට වඩා බෙහෙවින් වැඩි ය. කෙසේ වෙතත් අල් වලීඩ් බ්‍රහස්පතින්දා පැවසුවේ වර්ධන විභවය සලකා බැලුවහොත් ට්විටර් හි සැබෑ වටිනාකම මෙම ලංසුවෙන් පිළිබිඹු නොකරන බවයි.