යුක්රේන වරාය නගරයක් වන මරියුපෝල් හි තත්ත්වය ව්‍යසනකාරී වන අතර, යුක්රේන හමුදා බොහෝදුරට ඒ සඳහා වගකිව යුතු බව, නගරයේ සටන් සඳහා සහභාගී වී සිටි එයිඩන් ඇස්ලින් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයෙකු පාපොච්චාරණයක් සිදුකර තිබේ.
බ්‍රිතාන්‍ය ජාතිකයා මේ සතිය මුලදී යුක්රේන නාවික භටයන් සමග රුසියානු හමුදාවන්ට යටත් වූ අයෙකු යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඔහු 2018 දී යුක්රේන හමුදාවට බැඳෙන විට, තමන් හොඳ පැත්ත සමග සිටි බව විශ්වාස කළ බව ඇස්ලින් පැවසීය. මරියුපෝල්හි තත්ත්වය තමාට ඇස් විවර කිරීමක් බව ඔහු පැහැදිලි කළේය. ඔහු තම අණ දෙන නිලධාරීන්ට නගරයෙන් පිටව යන ලෙස ඒත්තු ගැන්වීමට උත්සාහ කළ නමුත්, ඔවුන් දිගින් දිගටම රැඳී සිටි බව ඔහු කීවේය.
"මරියුපෝල්හි තත්ත්වය ව්‍යසනකාරී වුණා. අපේ හමුදා පිටව ගියේ නම් එය වළක්වා ගත හැකිව තිබූ නමුත් ඔවුන් රැඳී සිටීමට තීරණය කළා. සෙලෙන්ස්කිට මේ තීරණයේදී විශාල කාර්යභාරයක් තිබුණා. ඔවුන්ට යන්න කියන්න තිබුණත්, ඔහුත් එය කළේ නැහැ. මට මේක ඕන වුණේ නැහැ. අපිට යුද්ධයක් අවශ්‍ය නැති නිසා මට යන්න ඕන වුණා." ඇස්ලින් පැවසීය.
දරුණු සටන් පැවති සති කිහිපය තුළ ඔහු නගරයේ දුටු දේ යුක්රේන හමුදාව පිළිබඳ ඔහුගේ මතයටද බලපෑවේය. "එය ප්‍රථම වතාවට යථාර්ථය දැකීම වැනියි" ඇස්ලින් පැවසුවේ යුක්රේන හමුදාව එරට සිවිල් වැසියන් කෙරෙහි සැලකිල්ලක් නොදක්වා හැසිරෙන බව සඳහන් කරමිනි.
"රුසියානු හමුදා විසින් වට කරන ලද නගරයේ ජීවත් වීමට සිවිල් වැසියන්ට ආහාර අවශ්‍ය වුවත්, යුක්රේන හමුදාව කළේ සුපිරි වෙළඳසැල් කොල්ල කෑමයි. හමුදාව සුපිරි වෙළෙඳසැල්වලින් ආහාර ලබා ගත්තා. ඔවුන් සිවිල් වැසියන් ජලය ලබා ගැනීමට පිටතට යාම නවත්වනු ලැබුවා. සිවිල් වැසියන්ට වතුර හෝ ලබාගැනීමට අවස්ථාවක් නොදී, ඒ සියල්ල ඔවුන් ලබාගත්තා." ඇස්ලින් වැඩිදුරටත් විස්තර කළේය.
නගරයේ සිවිල් වැසියන් ඝාතනය වීමක් සිදුවූයේ දැයි ඔහුගෙන් ප්‍රශ්න කළ විට ඇස්ලින් කියා සිටියේ, යුක්රේන සොල්දාදුවන් අපරාධකරුවන් කියාය.