ඉන්දුනීසියාවේ බටහිර ජාවා හි නගරයක් සුනුවිසුනු කළ භූමිකම්පාවෙන් පසු අතුරුදන් වූ ආදරණීයයන්ගේ ඉරණම පිළිබඳ කම්පනයට පත් ඥාතීන් සෝදිසි මෙහෙයුම් සිදුවන ආකාරය දෙස තවදුරටත් බලාපොරොත්තු දල්වාගෙන බලා සිටී.
රික්ටර් පරිමාණ 5.6ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිටත් ඉහළ යමින් පවතින අතර, බලධාරීන් පවසන්නේ 271දෙනෙකු මියගොස් ඇති අතර තවත් 150කට වැඩි පිරිසක් තවමත් අතුරුදන් වී ඇති බවයි.
භූමිකම්පාවෙන් පුද්ගලයින් 1,083දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් 58,362දෙනෙකුට නිවෙස්වලින් පලා යාමට සිදුවිය. භූමිකම්පාවේ කම්පන හේතුවෙන් නිවාස 21,000කට වැඩි ප්‍රමාණයක් සහ යටිතල පහසුකම් විනාශ වූ බව රටේ ජාතික ආපදා කළමනාකරණ ඒජන්සිය පවසයි.