ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) 2022 සඳහා බොට්ස්වානාහි ආර්ථික වර්ධනය 4.3% දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන්නේ රට කොවිඩ්-19 කම්පනවලින් පසුව ස්ථාවර ප්‍රකෘතියක් අඛණ්ඩව අත්කර ගෙන ඇති බැවිනි.
IMF හි අප්‍රිකානු දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ සහ බොට්ස්වානා ජනරජයේ දූත මණ්ඩල ප්‍රධානියා වන පාපා ඩියායේ විසින් රටේ තත්ත්වය තක්සේරු කිරීම සඳහා එරට වෙත නියෝජිත පිරිසක් යෙදවීය.
මැයි 4දා සිට 18දා දක්වා පැවති සංචාරය අවසන් වීමෙන් පසුව, ඩියායේ නිවේදනයක් නිකුත් කරමින් රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ තක්සේරුවක් නිකුත් කළේය.
"ආහාර සඳහා මෙන්ම, දියමන්ති සඳහා ඇති ඉල්ලුම බොට්ස්වානා සඳහා යම් බලපෑමක් ඇතිකළ හැකියි. විශේෂයෙන්ම ඉහළ ආහාර සහ බලශක්ති මිල ගණන් මූල්‍ය හා බාහිර ශේෂයන් මත යම් බරක් පටවනු ඇති. එහිදී වඩාත් අවදානමට ලක්විය හැකි ජනගහනය සඳහා ආහාර සුරක්ෂිතතාව සහ බලශක්ති මිල යම් බලපෑමක් කළ හැකියි" ඔහු පැවසීය.
"කෙසේ වෙතත් සාර්ථක එන්නත් කිරීමේ ව්‍යාපාරයක්, විචක්ෂණශීලී සාර්ව ආර්ථික කළමනාකරණයක් සහ දියමන්ති සඳහා ඇති දැඩි ඉල්ලුම නිසා බොට්ස්වානා එහි පූර්ව වසංගත තත්ත්වයේ මට්ටමටම යළි යථා තත්ත්වයට පත් වීමට ඉඩ දී තිබෙනවා. ආර්ථිකය 2021 දී සියයට 11.4% කින් වර්ධනය වීම කැපී පෙනෙන තත්ත්වයක්. මූල්‍ය හා ජංගම ගිණුමේ හිඟය තියුණු ලෙස අඩුවී ඇති අතර, විදේශ සංචිත ස්ථාවර වී තිබෙනවා. 2022 මැයි වනවිට සුදුසුකම් ලත් ජනගහනයෙන් 95%කට වැඩි පිරිසකට සම්පූර්ණයෙන්ම එන්නත් ලබා දී ඇති අතර වසංගත අගුලු දැමීම් හේතුවෙන් පාසල් අධ්‍යාපනය අහිමි වූයේ දින 22%ක් පමණයි" ඔහු වැඩිදුරටත් පැවසීය.
ඩියායේ මෙසේ ධනාත්මක කරුණු පැහැදිලි කළත්, විරැකියාව ඉහළ යාම සහ දරිද්‍රතාවයේ යම් වැඩිවීම පවතින ගෝලීය අර්බුද සමග නව අභියෝග බව සඳහන් කළේය.
"ඉහළ යන උද්ධමනය මැඩපැවැත්වීම සඳහා, බොට්ස්වානා බැංකුව 2022 අප්‍රේල් මාසයේදී අලුතින් හඳුන්වා දුන් මූල්‍ය ප්‍රතිපත්ති අනුපාතිකය (MoPR) පදනම් අංක 51කින් ඉහළ නැංවුණා. උද්ධමනය 10%ක් පමණ වනවිට අමතර දැඩි කිරීමක් අවශ්‍ය වනු ඇති. කෙසේ වෙතත් මූල්‍ය අංශය ආරක්ෂිත සහ යහපත් බව තක්සේරු තිබෙනවා. නමුත් ඉහළ අනුපාතවල බලපෑම, ද්‍රවශීලතාවය පහත වැටීම සහ මෑත කාලීන මුදල් ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණවල බලපෑම තවදුරටත් නිරීක්ෂණය කිරීමට සිදුවනු ඇති." ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.