බෙලීස් අග්රාමාත්ය ජෝන් බ්රිෂෙනෝ කොරෝනා වෛරසය ආසාදිත බවට ධනාත්මක පරීක්ෂාවක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
අගමැති බ්රිෂෙනෝ ඉදිරි සති දෙක තුළ හුදෙකලාව සිටිනු ඇති බවත්, ඉන්පසු ඔහු නැවත පරීක්ෂාවට ලක් කරනු ඇති බවත් වාර්තා වෙයි.
බෙලීස් අගමැතිවරයා නොවැම්බර් 13 වැනි දින එරට රාජ්ය නායකයා ලෙස වැඩ භාර ගත්තේය.
නව කොරෝනා නිල දත්තවලට අනුව සඳුදා වනවිට බෙලීස්හි කොවිඩ්-19 ආසාදිතයන් 5,249ක් සහ මරණ 136ක් වාර්තා වී තිබේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_5e5d66afd0.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_74b2a15920.jpg)