බෙලරූස් රාජ්‍යයේ රුසියානු න්‍යෂ්ටික අවි ස්ථාපිත කිරීම නිශ්චිත කාල රාමුවකට අනුව සිදුකළ ක්‍රියාවක් නොවන බව රුසියානු වදේශ අමාත්‍ය නිලධාරියෙකු පවසා තිබේ.
ඒ අනුව, පසුගිය සතිය වනවිට එම න්‍යෂ්ටික අවිආයුදවල පළමු තොගය පසුගිය සතිය වනවිටත් බෙලරූස් වෙත ළඟාවී තිබුණි.
යුරෝපයේ ස්ථානගත කර ඇති ඇමෙරිකානු න්‍යෂ්ටික අවි හා සැසඳීමේදී බෙලරූස් වෙත රුසියානු න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීම යුද බිමට ඉතා සමීපව සිදුවන ක්‍රියාවලියකි.
එමෙන්ම, රුසියාවේ මෙම ක්‍රියාව හේතුවෙන් බෙලරූස් රාජ්‍යයට සමීප පෝලන්තය ආදී රටවල ආරක්ෂාවද දැඩි තර්ජනයකට ලක්ව ඇති බව සඳහන් වේ.