බෙලරූස් සිට නීතිවිරෝධී සංක්‍රමණිකයන් ඇතුළුවීමේ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පෝලන්තය අතිරේක පොලිස් නිලධාරීන් 500ක් බෙලරුස් දේශ සීමාවට යවන බව කියයි.
පෝලන්ත දේශසීමා ආරක්ෂකයන් කියා සිටියේ පුද්ගලයන් 187 දෙනෙකු නීති විරෝධී ලෙස දේශසීමාව තරණය කිරීමට උත්සාහ කළ බවයි.
ඒ අනුව, ප්‍රතිත්‍රස්ත බලකායේ පොලිස් නිලධාරීන් පිරිසක් මෙසේ දේශසීමාව වෙත යොමුකළ බව පෝලන්ත අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි.