එංගලන්තයේ සහ වේල්සයේ රෝහල් තුළ 6,500කට වඩා කාන්තා අපයෝජන සිදුවීම් වර්ෂ 2019 ජනවාරි සිට 2022 ඔක්තෝබර් දක්වා වාර්තා වී ඇති බව නවතම වාර්තාවකින් අනාවරණය වෙයි.
එම රෝහල් තුළ පැය 24ම ක්රියාත්මක සී.සී.ටී.වී ආරක්ෂක කැමරා මෙන්ම, විශේෂ ආරක්ෂක නිලධාරීන් යොදවා තිබුණත් වයස අවුරුදු 13ට පහළ දරුවන් පවා අතවරයන්ට ගොදුරුව ඇති බව කියයි.
මෙම සිදුවීම් අතරින් 2,088ක් ස්ත්රී දූෂණ සිද්ධීන් ලෙස හඳුනාගෙන ඇති අතර, තවත් සිදුවීම් 4,451ක් අතවරයන්ට ලක්වීම ලෙස හඳුනාගෙන ඇත.
එමෙන්ම, මෙම සිදුවීම් හතකින් එකක් රෝහල් වාට්ටු තුළම සිදුව ඇති බවද එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.