ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන්ගේ සුරතල් බල්ලා මාස හතරක කාලයක් තුළ පුද්ගලයන් හත් දෙනෙකු සපා කා ඇති බව අනාවරණය වෙයි.
මෙම බල්ලාගේ සපා කෑමට ලක්වූවන් අතර රහස් ඔත්තු සේවා නිලධාරියෙකුද වන බවත්, ඔහු සිය පාදයට හා අතකට සිදුවූ තුවාල හේතුවෙන් රෝහල්ගත කිරීමකට පවා ලක්වූ බවත් කියැවෙයි.
මෙම බල්ලා ධවල මන්දිරය තුළ ප්රචණ්ඩකාරී ලෙස හැසිරෙන බයිඩන්ගේ දෙවැනි සුරතල් බල්ලා බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි.