දෙවැනි වටයටත් තමා ජනාධිපති ධුරයට ඉදිරිපත් වන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කිරීමත් සමග හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඊට පිළිතුරු ලබාදීමක් සිදුකර තිබේ.
එහිදී, ට්රම්ප් පවසා ඇත්තේ, ඇමෙරිකාව පාලනය කළ දුර්වලම රාජ්ය පාලකයන් 5දෙනෙකු එකතු කර ගත්තද, ඔවුන් සියලු දෙනා සිදුකළ හානියට වඩා හානියක් මේ කාලය තුළ ජෝ බයිඩන් විසින් ඇමෙරිකාවට සිදුකර ඇති බවයි.
ඇමෙරිකාව මුහුණදෙන දරුණුතම උද්ධමනයකට මුහුණදෙන්නේද බයිඩන්ගේ පාලනය යටතේ බව පවසන ට්රම්ප්, වැටුප් පහළයෑම, ඉන්ධන මිල ඉහළ යෑම, නිවාස අහිමිවූවන් වැඩිවීම සහ අපරාධ ජෝ බයිඩන්ගේ පාලනයේ ආශ්චර්යයන් බව සඳහන් කළේය.