ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයේ සංචාරය නොකරනු ඇති බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි කියා සිටියේය.
තමන් යුක්රේනයේ සංචාරය කිරීමට සූදානම් බව බයිඩන් පැවසීමෙන් දිනකට පසුව ධවල මන්දිරය මෙම පරස්පර අදහස මතු කළේය.
මෑත සතිවල ලෝක නායකයන් කිහිප දෙනෙකුම කියෙව් වෙත ගොස් ඇති අතර, බයිඩන් ඔවුන් හා එක් නොවනු ඇතත්, රිපබ්ලිකන් නීති සම්පාදකයන් දැනටමත් එහි සිටින අතර, සෙලෙන්ස්කි රජයට තවත් ආයුධ ලබාදීමට කටයුතු කරන බවද සාකි කීවේය.
"ඔහු ඕනෑම දෙයකට සූදානම්" සාකි වැඩිදුරටත් සඳහන් කළේය. "නමුත් අපි ජනාධිපතිවරයා යුක්රේනයට යවන්නේ නැහැ."
බයිඩන් විසින් යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කිගේ ආණ්ඩුවට එක්සත් ජනපදයේ සහාය ලබාදෙන බවට ප්‍රතිඥා දී ඇත. එමෙන්ම පසුගියදා ඔහු පෝලන්තයට ගියත්, යුක්රේනය වෙත නොගියේය.