බටහිර පැරීසියේ ඇතිවූ නැන්ටරේ නගරයේ ඇතිවූ ප්රචණ්ඩකාරී උද්ඝෝෂණවලින් පසුව පුද්ගලයන් 20දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
පොලිස් නිලධාරියෙකු අතින් 17 හැවිරිදි තරුණයෙකු ඝාතනය වීමේ සිද්ධියකින් පසුව මෙම උද්ඝෝෂණ මාලාව ආරම්භ වී ඇත.
පොලීසිය සඳහන් කළේ මෙම තරුණයා පොලිස් අණ නොතකමින් වාහනය ධාවනය කර, පොලිස් නිලධාරීන් යට කරගෙන යෑමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුකළ බවයි.
මෙම තරුණයා මීට පෙරද පොලිස් අණ නොතකමින් වාහන ධාවනය කිරීමේ චෝදනා ලැබූවෙකු බව හෙළිවී තිබුණත්, මෙම සිදුවීම මූලික කරගෙන නගරයේ ප්රචණ්ඩකාරී උද්ඝෝෂණ හටගෙන තිබුණි.
එහිදී උද්ඝෝෂකයන් පොදු දේපළ විනාශ කරමින්, මෝටර් රථ ගිනි තබමින් හැසිරීම හේතුවෙන් කැරළි මර්දන පොලීසිය මැදිහත්ව තත්ත්වය පාලනය කර ඇති අතර, පසුව සෙසු පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.