පාසල් නේවාසිකාගාරයක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 20දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව ගයානා රාජ්‍යයෙන් වාර්තා වෙයි.
මෙම ඛේදවාචකය හේතුවෙන් මියගිය අය එම ද්විතීයික පාසලේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයන්, ගුරුවරුන් හෝ වෙනත් පිරිසක්ද යන්න පැහැදිලිව සඳහන්කර නැතත් මියගිය සංඛ්‍යාව 20ක් ලෙස තහවුරු කර තිබේ.
එමෙන්ම, මෙම අනතුර හේතුවෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර, බරපතළ තත්ත්වයේ පසුවන අයද ඒ අතර සිටින බව රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් ඔවුන් පවසයි.