ගෝලීය ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් සහයෝගයෙන් කටයුතු කිරීමට දකුණු කොරියාව සහ නෝටෝ සංවිධානය එකඟතාව පළ කර තිබේ.
ලිතුවේනියාවේ පැවති නේටෝ වාර්ෂික සමුළුව අවස්ථාවේදී දකුණු කොරියානු ජනාධිපතිවරයා සහ නේටෝ ප්රධානියා හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාව ඇති කරගෙන ඇත.
එහිදී, යුක්රේන යුද්ධය සහ උතුරු කොරියාව සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය අතර කතාබහ ඇතිවී තිබේ. එසේම, යුක්රේනය වෙත යැවීම සඳහා කාල තුවක්කු පතුරම් ලබාදීමටද දකුණු කොරියාව එකඟත්වය පළ කර තිබේ.