හමාස් සංවිධානයේ අත්අඩංගුවේ පසුවී නිදහස් කෙරුණු පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ 85 හැවිරිදි යොෂේව්ඩ් ලිෆ්ෂිස් තමා නිදහස ලබන මොහොතේදී හමාස් සටන්කරුවෙකුට අතට අතදී සිය කෘතඥතාව පළ කරන දසුන බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව තිබේ.
ඇගේ දියණිය පවසන්නේ, මෙය පුදුමයට කරුණක් නොවන බවය. ඇය ස්වභාවයෙන්ම එවැනි කරුණාවන්ත තැනැත්තියක බව ඇය සඳහන් කළාය.
කෙසේ වෙතත්, ඊශ්‍රායලයේ ඇය දැනට ප්‍රතිකාර ලබන රෝහලේ සිට ඇය මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ මකුළු දැලක් ආකාරයෙන් වූ භූගත බංකර් ගණනාවක් හමාස් සටන්කරුවන් විසින් භාවිත කරන බවයි.