කොවිඩ්-19 සම්බන්ධයෙන් නවසීලන්තය පනවා තිබූ අවසන් සියලුම සෞඛ්‍ය ආරක්ෂණ සීමාවන් ඉවත් කිරීමට එරට රජය තීරණය කර තිබේ.
ලෝකයේ දැඩිම කොවිඩ්-19 සීමාවන් පැවති රාජ්‍යයක් ලෙස ගෙවුණු වසර තුනක පමණ කාලයක නවසීලන්තය තුළ වසංගතය ආශ්රිත මරණ අනුපාතය ඉතාම අවම අගයක පවත්වා ගනු ලැබීය.
නවසීලන්තයේ සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, අඟහරුවාදා දිනයේ සිට රෝහල් තුළදී තවදුරටත් මුඛ ආවරණ පැලඳීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
එමෙන්ම, කොවිඩ්-19 ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වූ විට පැනවෙන දින 7ක හුදකලාවද තවදුරටත් අවශ්‍ය නොවන බවද එම නිවේදනයේ තවදුරටත් දැක්වෙයි.
විශේෂයෙන්ම ජනතාව තුළ කොවිඩ්-19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය ගොඩනැගී ඇති බැවින් මෙම නීති ලිහිල් කිරීමට පියවර ගෙන තිබේ.