නයිජීරියාවේ ප්‍රධානතම ගුවන් තොටුපොළක ගුවන් පථයේ මෑතකදී සවිකල නවීන විදුලි ආලෝක සංඥා පද්ධතියක් කිසියම් පිරිසක් විසින් සොරාගෙන තිබේ.
එරට මුර්ටාලා මුහම්මද් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්‍රිතව මෙය සිදුවූ බවට වාර්තා වන අතර, මෙම සොරකම සිදුකළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ෂණ අරඹා තිබේ.
කෙසේ වෙතත්, එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබුණේ, ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය මෙම සොරකමට සම්බන්ධ බවයි.